රතිඤ්ඤා කම්හලක් නිසා තවත් ජිවිතයක් අහිමි වෙයි ….

0
180

white flagකටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ ගෘහ කර්මාන්තකයක් ලෙසින් පවත්වාගෙන යන රතිඤ්ඤා නිෂ්පාදන කම්හල් ගිනි ගැනිම් හේතුවෙන් පුද්ගලයන් මිය යාම පසුගිය කාලය පුරාවට සිදුව තිබුණි.
වරක් පවුලේ පියපුතු දෙදෙනාටම දිවි අහිමි වි තිබුනේ නිවසේ ගබඩා කර තිබු රතිඤ්ඤා නිෂ්පාදන ගිනි ගැනිම හේතුවෙනි
ඊයේ රාත්‍රියේ තවත් අයෙකුට සිය ජිවිතයෙන් වන්දි ගෙවිමට සිදුව තිබුනේ මෙසේ රතිඤ්ඤා නිෂ්පාදන කම්හලක ඇතිවු ගින්නක් හේතුවෙනි .මෙසේ ගිනි ගෙන ඇත්තේ කටාන කලිඅරිප්පුව ප්‍රදේශයේ කම්හලකි

ඊයේ (21) රාත්‍රී 11ට පමණ ගින්න හට ගෙන තිබුන අතර මේ ගින්නටන අසුව මිය ගොස් තිබුනේ එම  කම්හලේ කාලයක් තිස්සේ සේවය කළ 65 වියැති  පුද්ගලයෙකි.

රතිඤ්ඤා කම්හලේ ගින්න ඇති වීමත් සමග එහි තිබු වෙඩි බෙහෙත් වැනි දෑ පිපිරීමකට ලක්ව තිබුන අතර රතිඤ්ඤා  කම්හල්ද මුළුමනින්ම විනාශවි ගොස් තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here