මීගමු කම්කරුවාගේ ගිණුමට රු කෝටි 31ආවේ කොහොමද ?

0
49
රු කෝටි 31 කක් ගිණුමේ තිබුන නගරාධිපතිගේ සමිපතම සේවකයෙක් ..

dayan thusanIMG-46e162ab293a0b9469959d2e4c93cc65-VIMG-c1ec1414642c5b7bc2ca85bce5d07e00-Vමීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමකට රු කෝටි 31ක් පැමිණියේ කෙසේද යන්න ගැන දැවැන්ත කුතුහලයක් සමාජය තුල ඉතිරි වි පැවතියද මෙරට මාධ්‍ය විසින් පවා ඒ පිළිබඳව නිසි විවරණයක් මෙතෙක් ජනතාව වෙත සපයා නැති බවක් පෙනේ.ජනපති ගෝඨාභය විසින් රටතුල ක්‍රමවත් බව ස්ථාපිත කරමින් සිටිනවා යැයි පවසා සිටියද කම්කරුවෙකුගේ ගිණුමකින් ඒ වන විටත් රු කෝටි 13ක් විවිධ අයවලුන්ගේ ගිණුම් වෙත බැරකර තබා තිබෙන පසුබිමක ඒ අය කව්රුන්දැයි සමාජයට තවමත් වසංකරමින් තිබිම ගැටළුකාරිය.මේ පසුබිම තුල තවදුරටත් එකි තොරතුරු මාධ්‍ය වලින්ද සඟවා සිටිමට උත්සාහ කරනු ලබන්නේ නම් ඉන් කියැවෙන්නේ  කුමක්ද???