ලක්ෂ දෙකක ණයක් නිසා මුළු පවුලක් හිර කරයි……

0
68

IMG-20200930-WA0017IMG-20200930-WA0020Screenshot_20201002_102831

තමන්ගේ නිවසින් බැහැරට නොයන ලෙස දොර උළුවහු වලට සිමෙන්ති ගල් තබා වසා දැමූ පුවතක් අපට ආරංචිවූයේ පෙරියමුල්ල ප්‍රදේශයෙනි. අප එහි ගොස් විමසා බැළු අතර නිවසට ඇතුළුවන ගේට්ටුවද වසා තිබින. නිවැසියන් යාම් ඊම් කලයුත්තේ අඩි 11 ක් පමණ උසකින් යුතු ඉනිමගක ආධාරයෙනි. එසේම බැහැරට යුත්තේ යාබද නිවස ඉදිරිපසින් නිසා ඔවුන්ද තම නිවසේ ගේට්ටුව වසා දැමූවිට ගෙහිමියන් තවත් අපහසු තාවයට පත්වන බව පෙනින. මෙම නිවසේ අයිතිකරු තුවාන් කිචිල් අජිස් නම් අයෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකි. ඔහුගේ පුතෙකු වන තුවාන් ඉම්රාන් අජිස් මෙය ඔවුන්ට සිදුවූ බලවත් අසාධාරණයක් බව පවසයි.Screenshot_20201002_103134
2016 වසරේදී පවු⁣ලේ ආර්ථික ප්‍රශ්ණයක් මත දළුපත ප්‍රදේශයේ පොලි කරුවෙකුගෙන් රු. ලක්ෂ දෙකක මුදලක් ගත් බවත්, එය නිසි පරිදි ගෙවාගෙන ආ බවත්, පියාගේ රැකියාව අහිමිවීම නිසා ⁣එය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා නැවත රු. ලක්ෂ 8 ක මුදලක් ගෙවීමට පොලීකරු නියම කළ බව ඔහු පවසයි. එසේම පසුව එම මුදල ගෙවීමට තමන් සූදානම්වූ නමුත් පොලීකරු ඒ සඳහා කැමැත්තක් දක්වා නැති අතර ඊට ඔහු මේවන විට ලක්ෂ 30 ක මුදලක් ඉල්ලා සිටින බවත්, තුවාන් මහතා පවසයි.
පොලීකරු පසුව උකසට තැබූ කොටසේ ඔහුගේ හෙංචයියෙකු නතර කර ඇත. නිවැසියන් පවසන්නේ ඒ තැනැත්තා නොමනා හැසිරීමක් ඇති අයෙකු බවයි. එසේම මෙම පොලීකරුගේ බිය වැද්දීම් , තර්ජන නිසා තම පවුලේ අය අසාධාරණයට ලක්ව ඇතිබවත්, ඔහු තව දුරටත් පවසයි.
මේ තත්වය මත තමන්ට පොලීසියෙන් හෝ වෙනත් ආයතනයකින් තවමත් සාධාරණයක් ඉටුනොවූ බව තුවාන් මහතා තව දුරටත් අප සමඟ පැවසීය. කෙසේ නමුත් මීපුර වෙබ් අඩවිය ලෙස අප මේ සම්බන්ධව තවදුරටත් තොරතුරු සොයාබලා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කර සිටිමු.
සටහන -ඡායා -සැම්සන් ඥාානසිරි