මිගමු සමුපාකාර නිළවරණයට එරෙහිව දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ..

0
157

court-hammer_thumbමිගමුව සමුපකාර නිළවරණය ඔක්තෝබර් 11 වෙනි දින පැවැත්විමට නියමිතව තිබුණි. එහෙත් එකි නිළවරණයට එරෙහිව පෙරිමුල්ල ප්‍රාදේශිකය 1 හි සමාජිකයන් වන කපිල නන්ද සුලෝචන සහ සුලෆික් අහමඩ් යන අය විසින් උසාවිය හමුවේ වාරණයක් ඉල්ලා සිටිමින් කියා තිබුනේ සිය ප්‍රාදේශිකයේ සමාජික ලයිස්තුව තුල මිය ගිය සමාජිකයන් විශාල පිරිසක් සිටින බැවින් ඒ අයගේ නම් නිසි ලෙසින් ඉවත් නොකොට මැතිවරණයකට යාමෙන් ඇතැම් ප්‍රාදේශිකයන්වල අයට අසාධාරණයක් සිදුවන බවය.
මේ අනුව දිසා අධිකරණය විසින් පසුගිය දා මේ අනුව වාරණ නියෝගයක් ලබා දි තිබුණි.
දැනට වාර්ථා වන අන්දමට මිගමුව තුල සිටින මුලු සමුපාකාර සාමාජිකයන් ගණන 32000 ක් වෙද්දි ඒ අතර සිටින මිය ගිය සමාජිකයන් ගණන 15000 ක් පමණ ඉක්මවා ඇත.
මේ අනුව සමුපාකාර අධ්‍යක්ෂක මණ්ඩලයේ වරදින් මේ නම්  ඉවත් කර නොතිබිම අදාල පෙත්සම්කරුවන්ගේ වාරණ නියෝගයක් ඉල්ලා සිටිමට නිමිත්ත වි තිබුණි.
මෙයට අදාල මිළග නඩු වාරය ඔක් 05 වෙනිදා යෙදි තිබේ.
පොහොට්ටු දේශපාලකයන් හා ඇතැම් එජාප නගාරික මන්ත්‍රිලාද එක්ව කරන්නට යෙදුණ ක්‍රමන්ත්‍රණයක් නිසා මෙම වාරණ නියෝග ඉල්ලිම පෙරට පැමිණ ඇතැයිද වාර්ථා වේ