බ්‍රැන්ඩික්ස් වෙත කොරෝනා ආවේ ඉන්දියාවෙන්ද ???

0
65

brandix-web-825x412මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවට කොරෝනා වෛරසය ඇතුළු වූයේ ඉන්දියාවේ සිට පැමිණි නියෝජිතන් කිහිප දෙනෙකු හරහා බවට තොරතුරු පැතිර යමින් ඇතැයි lankacnews වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති වරයා මේ පිලිබදව ආයතනයේ පාලනාධිකාරියෙන් විමසා ඇතත් එය ප්‍රතික්ෂේප කර ඇති බවද  වැඩිදුරටත් එහි සදහන්ය

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවට ඉන්දීය ජාතිකයන් පැමිණි බවට දිගින් දිගටම කටකතාවක් පැතිර යන බවද නමුත් එය මේ වන තෙක් තහවුරු කර ගන්නට බැරි වූ බවයි.

කර්මාන්තශාලාවෙන් විමසුවත් එය ප්‍රතික්ෂේප කළ නමුත් මෙහි සත්‍ය අසත්‍ය ගැන ඉදිරි විමර්ශනවලදී හෙළිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ අතර රට තුළ දෙවැනි කෝවිඩ් රැල්ලක් මතු කරමින් කෝවිඩ් ආසදිතයින් පොකුරක් මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලානාත්මක තොරතුරු සමූහයක් සංසරණය වෙමින් පවතන බව අරුණ වෙබ් අඩවියද සිය පුවතක් මගින් කරුණු අවධාරණය කර තිබේ

වට්ස් ඇප් ඔස්සේ සංසරණය වන එක්තරා ප්‍රශ්නාවලියක් මගින් බ්‍රැන්ඩික්ස් සමූහයට ප්‍රශ්න 7ක් ඉදිරිපත් කර ඇත. පළමු ආසාදිතයා හමු වූ අවස්ථාවේදී බ්‍රැඩික්ස් ආයතනය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාක් මෙන් මෙම ප්‍රශ්නාවලියට ද පිළිතුරු ලබා දී තමන්ගේ නිවැරදිභාවය සනාත කරන මෙන් ඒ මගින් ඉල්ලා ඇතැයිද වැඩිදුරටත් එහි සඳහන්ය

බ්‍රැන්ඩික්ස් කම්හල්වල ට ලැබී තිබුණු දරාගත නොහැකි තරම් වූ ඇනවුම් සකස් කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් ඉන්දියානු කම්හල් වලින් මෙරටට සේවකයින් ගෙන් වූ බවත් ඒ ගෙන්වීමේදී නිරෝධායන කටයුතු රජයට බරක් නොවී තමන් විසින්ම සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් සමූහය පොරොන්දු වුවත් ශ්‍රී ලංකාවේ නිරෝධායන නීති කඩ කරමින් අදාල පිරිස් දින 7ක් පමණක් නිරෝධායනය කර සමාජයට මුදා හැර ඇති බවත් මේ චෝදනා අතර වෙතැයිද අරුණ පුවතේ වැඩිදුරටත් කියැවේ

මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය  බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශයකු සඳහාන් කළේ මෙම ප්‍රශ්නාවලියට අද දිනය ඇතුළත ඔවුන් පිළිතුරු ලබා දෙන බවයි.

මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දෙන පිළිතුරු බලාපොරොත්තු වන්න අරුණ වෙබ් අඩවිය සිය පාඨකයන් වෙත දන්වා තිබේ
මුලාශ්‍ර -අරුණ /ලංකාසිනිව්ස්