අඹකඳවිල කතෝලික දේවස්ථානයේ පියතුමන්ලා දෙපලක් නිරෝධායනයට …

0
197
Photo Taken In Germany

Photo Taken In Germany

අඹකදවිල කතෝලික දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු මේ වන විට නිරෝධායනට යොමුකර ඇතැයි වාර්ථා වේ .එයට හේතුව වන්නේ එම දේවස්ථානයේ අහාර පාන පිසිම සදහා එහි සේවය කළ තරුණයෙකුට කොරෝනා වැළදි තිබිම හේතුකොට ගෙනය .
හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වැනිදා මෙම තරුණයා පැමිණ තිබුන අතර එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල 08 වැනිදා ලැබීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී ඇත.

ඒ අනුව නිවසේ රැදී සිටි එම අයව වහාම ගිලන් රථයකින් හලාවත මහා රෝහලට ගෙනවිත් ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.මෙම තරුණයාගේ පවුලේ 5 දෙනෙකුද නිරෝධායනට යොමුකර තිබේ

ආසාධිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද සවාරියක් ගොස් ඇති බවත්,එම සවාරියට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇත.
(ඡායාරූපය අන්තර් ජාලයෙනි )