දින 4 ක් තුල කටුනායක නිදහස් වෙළඳ කලාපෙන් කොරෝනා ආසාදිතයන් 72 කක් ….

0
89

වෙළද කලාපඅද පෙ.ව 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයටද නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අතර ඊයේ සවස්වරුව වන විට  කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවි තිබුනේ  ඔක්තෝබර් 10 වැනිදා වන අතර දින 4 ක් ඇතුලත ආසාදිතයන් ගණන 72 ක් ලෙසින් වාර්ථා විය.
හමුදාපතිවරයා ඊයේ මාධ්‍ය හමුවේ කියා තිබුනේ එක් නේවාසිකාගාරයකින් පමණක් ආසාදිතයන් 42 ක් වාර්ථා වු බවය.
ඊයේ දිනයේ නිදහස් වෙළද කලාපයේ ආයතන 2 කක කම්කරුවන් සඳහා අමන්දොළුව පාසැලේදි PCR පරික්ෂණ සිදුකර තිබුණ අතර ඒ සදහා විශාල සේවක පිරිසක් පෙරවරු 6 සිටම පැමිණ තිබුණි.
කෙසේ වෙතත් නිදහස් වෙළද කලාපයේ කම්කරුවන් අතර PCR  වැඩපිළිවෙල අවුල් සහගත එකක් බවත් විධිමත් වැඩපිළිවෙලක් ඒ තුල ක්‍රියාත්මකව නැති බවටත් දැනටමත් විවේචන ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අදහස් වලින් කියැවේ