මීගමුව රෝහලට යළිත් වරක් අධ්‍යක්ෂවරියක් පැමිණ තිබේ. රෝහල අද වන විට පත්ව ඇති තත්වය හමුවේ එය සුවපත් කිරිමට මවකගේ මෙන් සෙනෙහසක් අවැසි මොහොත මෙම අධ්‍යක්ෂකවරය පැමිණ තිබේ.
පවතින අර්බුදකාරි තත්වයට මුහුණ දිම සදහා පසුගිය මාර්තු මාසයේදි එවකට හිටපු අධ්‍යක්ෂකවරියගේ නායකත්වය යටතේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතාද එක්ව තවත් වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් සාමුහික වැඩපිළිවෙලක් ගොඩ නගා තිබුණි.
කඩිමුඩියේ අවැසි වාට්ටු මේ වෙනුවෙන් වෙන්කර සකස් කළ අතර ඒවාට අවැසි භාණ්ඩ ලබාගැනිමට එකි කණ්ඩායම පරිත්‍යාගශිලින්වද සම්බන්ධකොටගෙන ඒ අවැසිතා සපුරාගන්නට කටයුතු කර තිබුණි.
පැවැති ඇඳිරි නිති සමයේ සියළු හෝටල් පවා වසා තිබියදි මාසයක කාලයක් කොරෝනාදැයි සැක සහිත වාට්ටුවල සේවය කරන අයට උදේ සවස කෙටි ආහාර ලබා දිමට සැලසුම් සකස්ව තිබුණි. ඒ සදහා ප්‍රගතිශිලි ව්‍යාපාරිකයන්ගේ දායකත්වයද උපරිමයෙන් ලැබි තිබුණි.
එහෙත් මේ සියල්ල බිඳ වැටෙන්නේ රෝහල් අධ්‍යක්ෂවරියක් සිටියදිම තවත් පැරිෂුට් අධ්‍යක්ෂකවරයෙකු කැදවාගෙන ඒමට එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු කටයුතු කර තිබිම නිසාය.
වෛද්‍ය වෘත්තිය වෙළදාමක් කරගත් රටේ කාටත් ඇවැසිව ඇත්තේ තමන් කැමැති වෙලාවක රෝහලකින් පැන ගොස් සිය වෙළදාම බාධාවකින් කරගෙන යාමට හැකි රෝහල් පරිසරයක් නිර්මාණය කර ගැනිමටය.
වත්මන් අධ්‍යක්ෂකවරියට මීගමුව රෝහල තුල මුහුණ දිමට සිදුවිය හැකි එක් පැහැදිලි අභියෝගයක් වන්නේ ද එයයි.
අත්දැකිම් සහිත අධ්‍යක්ෂකවරියක් හැටියට මෙන්ම අත්දැකිම් බහුල නිහතමානි චරිතවත් මීගමුවේම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු සිටිමද තුල මතුවෙන අභියෝගවලට සාමුහිකව පිළිතුරු සෙවිමට හැකි පරිසරයක් රෝහල තුල නිර්මාණය කරගැනිම අපහසු නොවනු ඇත.
රෝහල් පදනම් කමිටුව වලට ද දැන් වගකිමක් පැවරි තිබේ.
එනම් කකුල් මාට්ටු දමා රෝහල අර්බුදයට යැවිමට බලා සිටින රයිගමයන්ගෙන් සහ ගම්පළයන්ගෙන් මිගමුව රෝහල බේරාගැනිමය.