පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ 49 කට කොරෝනා ! මීගමුවත් අනතුරකද ?

0
81

IMG-20201020-WA0012පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 19 වනදා  සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටි

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස  පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා (19) දිනයේදී එහි විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන PCR පරීක්ෂණ සිදුකර තිබුණි
පෑලියගොඩින් පසු ප්‍රධාන පෙළේ මාළු අලෙවි කේන්ද්‍රස්ථානයක් සේ සැලකෙන මිගමුවටද මේ අනතුර පැතිර ගොස් ඇත්තේදැයි සැකයක්  ධිවර ව්‍යාපාරික ක්ෂේත්‍රය අය අතර දැනටමත් කථාබහක් නිර්මාණය වි තිබේ.
මිගමුවේ මාළු ලෙල්ලම් තුල නිරෝධායන නීති ගැන විමසා බැලිමට කලින් පැවැති ක්‍රියාමාර්ග පවා මේ දිනවල ක්‍රියාත්මකව ඇති බවක් නොපෙනේ .
මේ පසුබිම තුල මිගමුව ලෙල්ලම තුලද වඩාත් සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් කටයුතු කිරිමට ගැන අවධානය යොමුකළ යුතුව තිබේ