ඊයේ දිනයේ වාර්ථා වු වැඩිම ආසාදිත රෝගීන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ?

0
134

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරන බය අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙමින් තිබෙන බවද හෙතෙම පැවසු බව එහි සඳහන්ය

මහජනතාව රෝගය පාලනය කර ගැනීමට ගන්නා උත්සහයන් පිලිබදව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි යැයිද බාලසූරිය මහතා සදහන් කළේය.NGB 3
විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට ඊයේ දිනයේ ලබාදුන් පැය 14 ක සහන කාලයක තුලදි බොහෝ ප්‍රදේශවලින් වාර්ථා වි තිබුනේ මහජනතාව රතු කලාප වැඩිප්‍රමාණයක් නම් කොට තිබියදි පවා පරිස්සම ගැන එතරම් විනයක් සහිතව කටයුතු කර නොතිබුන බවය.
මිටරේ පරතයක් පවත්වා නොගෙන අවශ්‍ය දෑ  මිළට ගැනිමට පොලිම් වල සිටින අයුරු  ඊයේ දිනයේ බොහෝ තැන්වල සමාන්‍ය දසුන් බවට පත්ව තිබුණි

ඊයේ(26) දිනයේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ :

ගම්පහ             – 54
මහර                  – 67
කැලණිය            – 74
වත්තල              – 08
මිරිස්වත්ත       – 02
පෑලියගොඩ     – 10
ජා-ඇල              – 74
උඩුගම්පොළ   – 01
ගණේමුල්ල      – 02,
කදාන               – 03
මිනුවන්ගොඩ – 09
මුලාශ්‍රය -අරුණ