අමුණාගෙන ගෙන යමින් ඇති වත්මන් මිගමුව මහනගර සභා පාලනය සැබැවින්ම දැන් හෙලවෙන නළ දතක් වැනිය.කොන්ද පණ ඇති ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් සිටි නම් මේ පාලනය දිනපතා හොලවා ගෙදර යැවිම මහ කජ්ජක් නොවුන ඇත.මේ නිසාම දැන් සැබැවින්ම නගරාධිපතිවරයා සිටින්නේ බියෙනි.
ඉදිරි පාලන කාලය ගොඩදාගැනිමට දැන් මහනගර සභාවේ මුදල් නැත.කෝටි 7 ක් ස්ථිර තැත්පතුවක් සිය සහෝදරයාගේ මැතිවරණය වෙනුවෙන් ඉවත් කරගත්තේය.දැන් ඇත්තේ යාචකයෙකුට බත්පැකට් එකක්වත් අරන් දිගත නොහැකි තරම් බංකොලොත් මුල්‍ය තත්වයකි.
නලින් පෙරේරාලාව මෙන්ම වස්තිලාවද ගෙනවිත් මාධ්‍ය සංදර්ශණ දමා බත්පැකට් එකතු කරන්නේ ඒ නිසාය.මේ නගර සභාවේ මර්ෂි පාලනය ගැන මෙලෝ බලබෝලයක් නොදන්නා වස්තිලා තවත් අලෙවි එජන්ත කාර්යයක් කරනු පෙනේ.
වෙළන්දන් කව්රුත් කරන්නේ විකිණිමය.
නිරෝධායනය වන ජනයාට බත්පැකට් එකක් හාල් ටිකක් දිගන්නට වත්කමක් නැති නගර පාලකයා දැන් සිටින්නේ සැබැවින්ම බියෙනි. ඒනිසාම ආරක්ෂක අංශය මදිවට,හඬද පටිගත වෙන cctv කැමරාද අටවාගෙන තිබේ.
ඒහි පටිපත වන හඬද ජංගම දුරකතනය මගින් නගරාධිපතිට මෙන්ම කොමසාරිස්වරියටද ලබාගත හැකි අතර මිගමු මහනගර සභාවේ කුප්‍රකට තාක්ෂණික නිළධාරියෙකුට මේ වරප්‍රසාදය ලබාදි ඇතැයි සැලය.
බත්පැකට් හිඟාකන නගර පාලනයකට මේ සුකුරුත්තන් වැඩවලට නම් අතදිගහැර වැය කරන්නට මුදල් ඇති සෙයකි.
මේ කිසිවක් නොදන්නේ නලින් ලා මෙන්ම වස්තිලා ද මේ කරමින් සිටින්නේ ලංකාවේ අංක එකේ දුෂිතම නගර සභාව වෙනුවෙන් සල්ලිවලට හෝ පිනට කඩේ යාම හැර අන් දෙයක් නම් නොවේ