කැඩුනු PCR පරීක්ෂණ යන්ත්‍රය හදන්න චීනෙන් එයි !

0
123

PCR-Test-lankaපීසීආර් පරීක්ෂණ යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා චීන සමාගමක කාර්මික ශිල්පීන් කණ්ඩායමක් සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසන බය ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

PCR යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් PCR පරීක්ෂණ  20,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී ඇත.
මේ අතර දැනටමත් තිරාණාත්මක තත්වයකට පත්ව ඇති මිගමුවේ ධිවර ප්‍රජාව අතර සිදුකරන්නට යෙදුන PCR පරීක්ෂණ වල තවත් ප්‍රථිපල ලැබිය යුතුව තිබේ.
එකි පරික්ෂණ සිදුකොට දැන් සතියක්ද ඉක්මවා ගොස් ඇති අතර මේ පරික්ෂණ වලට යොමුව සිටි ඇතැමුන් එකි පරික්ෂණ වලින් පසුව නිදහසේ සිය රැකියාවල් වලටද නිරතව  සිටි බවට වඩාත් විශ්වාස කටයුතු තොරුතුරුද තිබේ