ශලනිගේ වීඩියෝව වෙබ් මාධ්‍ය විනාශයට කළ කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
120

2beacb25f8c47df71feb12561f382355_XLවෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.
ජනප්‍රිය නිළි ශලනි තාරකා නාට්‍ය රූගත කිරීමකට සහභාගිවීම සඳහා බණ්ඩාරවෙලට ගොස් සිටියදී පසුගියදා සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් මාධ්‍යවේදියකු ද සමඟ ඇය නැවැතී සිටි ලැගුම්හලේ පෞද්ගලික කාමරයට ගොස් ඇයට නිරෝධයනය සඳහා ලබාදෙන උපදෙස් වීඩියෝකර පුවත් පතකට අයත් වෙබ් අඩවියකින් පල කිරීම ඊට නිදසුනක් බව ඔහු කියා සිටී. එමගින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ව ජනතාව හමුවේ පිළිකුල් කිරීමට එය යොදාගෙන ඇති බවට ඔහු චෝදනා කරයි. සිය සංගමයේ වෙබ් අඩවි මේ ආකාරයට කටයුතු නොකරන බව පවසන ගමගේ මහතා මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ද දැනුම් දුන් බව කියා සිටී. කොරෝනා තත්ත්වය හේතුවෙන් මේවන විට පුවත්පත් අලෙවිය ඉතා සීග්‍ර ලෙස පහල බැස ඇති බවද පෙන්වා දුන් ඒ මහතා, එසේම ජනතාවට සමාජ මාධ්‍ය කෙරෙහිද තිබෙන විශ්වාසය මේවන විට දිනෙන් දින පිරිහෙමින් ඇතැයි ද එබැවින් සත්‍ය හා ගවේශනාත්මක පුවත් වාර්තා කරනු ලබන වෙබ්වලට විශාල පාඨක පිරිසක් ගොනුව ඇතැයි ද ඔහු කීය. ආචාර ධාර්මික ලෙස සිය සංගමයේ වෙබ් අඩවි කටයුතු කරන්නේ යැයි ද කී ඒ මහතා වගකීම් විරහිත මාධ්‍යකරණයේ යෙදෙන වෙබ් අඩවි හඳුනා ගන්නා ආකාරය ද ඔහු මෙසේ කියා සිටියේය.

www.srilankamirror.com