මීගමුව මහනගර සභාවේ ඉන්දික අනුරුද්ධ භීතියක්..?

0
82

saka indikaනගරාධිපති දයාන් ලංසා මේ දවස් වල ඉන්නේ බරපතල අවුලක.එයා දැන් ගොඩක් අය දිහා බලන්නේ හරිම සැකෙන්.මේ හින්දම මේ සැකේ හිතේ තියාගන්න බැරි තරම් උනාම තැනක් නොතැනක් නැ අතහැරලා දානව.

ලගදි පොහොට්ටුවේ අයගේ කණ්ඩායම් රැස්විමට ඇවිත් හිටපු නාගරික මන්ත්‍රී කෙනෙක්ගෙන් ඇහැව්වලු ඔයා ඉන්දිකලගේ ගෙවල් පැත්තේ යනවලු නේද කියල බජට් එකට විරුද්ධව ඡන්දෙ දෙන්නද ඉන්නේ කියලත් ඇහැව්වලු.පස්සේ අර මන්ත්‍රී කියල තියෙනව දෙපැත්තටම නැති උත්තරයක්.

නගරාධිපති දයාන් ලංසා විතරක් නෙමෙයි මේ දවස් වල යාපනේ ගිහින් ඉන්න නිමල් ලංසත් ඉන්නේ බරපතල අවුලකලු.හිත නිදහස් නැලු.මීගමු බජට් එකට අභියෝගයක් එල්ල වෙයිද කියල ප්‍රශ්ණෙකලු ඉන්නේ.එහෙට මෙහෙට සල්ලි විසිකරල යන්තම් අටවගත්තු නගර පාලනයක් හෙල වෙන්න මහකාලයක් යන්නේ නැ.

කවදාවත් පරදින්නේ නෑයි කියල හිතන් පම්පෝරි කියපු ට්‍රම්ප් අප්පචිත් දැන් ගෙදර .ස වැඩකාරයා රටම මාසෙන් හදයි කියල හිතන් හිටියත් අවුරුද්දක් යද්දි උපරිමයෙන්ම අවුල් වෙලා.හාල් වලට ගහන ගැසට් එකක් ගානේ අනේ ජෝක් වෙන තරමටම දැන් හෑල්ලු වෙලා.

ඉතින් මිගමුවේ පාලනය පවුලකගේ අතින් ගිලිහෙන එකත් ඉදිරියෙදි මහලොකු දෙයක් නෙමේ.ඒ හින්ද මේ මීගමුව අය වැය ආණ්ඩුවට වගේම විපක්ෂටත් තීරාණාත්මකයි.