රු 5000 ගන්න ගිය කදිරානේ කාන්තාවක් මිය යයි!

0
90

stock-photo-dead-body-laying-on-a-floor-304477316රු 5000 ලබාගැනිමට අද කටාන ,කදිරාන ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි කාර්යාලයට ගොස් සිටි කාන්තාවක් එහි තදබදය අතර තුර සිහිසුන්ව ඇද වැටි ඇත.ඇය⁣ට උදව් කිරිම සඳහා කිසිවෙකුත් ඉදිරිපත්විමට බියවි ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වි ඇතිදැය යන සැකය මත බව කියැවේ.

කෙසේ වෙතත් පසුව තරුණයන් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇයව රෝහල් ගත කිරිමට පියවර ගෙන තිබුනද ඇය මියගොස් තිබුණි.හෘදයාබාධ තත්වයකින් ඇය මියගොස් ඇතැයි එහි සිටි අය අප කළ විමසුමකදි කියා සි⁣ටියේය.මෙහිදි ඉතා අවාසනාවත්ත ලෙස මිය ගොස් ඇත්තේ කදිරාන ගෙවල් 100 පදිංචි කාන්තාවකි

කදිරානේ 93/A ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදි මෙය සිදුව තිබේ.

කෙසේ වෙතත් රු 5000 ලබාදිමේ වැඩපිළිවෙළ වඩාත් විදිමත් ලෙසින් සෞඛ්‍ය ආරක්ෂිතව සිදුකලයුතුව ඇති බව මෙම සිදුවිමෙන් පවා පෙනි යයි.ජනතාව තෙරපෙන වතාවරණයක් ඇති නොවන ආකාරයට කටයුතු සංවිධානය කරගත යුතු වුවද රජය මේ සඳහා අවැසි පහසුකම් ලබාදි විධිමත් වැඩපිළිවෙළක් සැකසිමට තවමත් අපොහොසත්ය.අඩුම තරමින් ග්‍රාම නිළධාරීන් සඳහා සැනිටයිසර් ලබාදිමට වත් කටයුතු කර තිබුනේ නැත.