මීගමුවේ ධීවරයන්ට අන්තිමට ඉතුරු වුනේ ලංසාලා දාපු තෝප්පි විතරද ????

0
179

ලංසාගේ තොප්පිය .pn1 මීගමුවේ ධිවරයෝ කොරෝනා වසංගතය හමුවේ දැඩිව අසරණ වි  සිටිති.අල්ලන් එන මාළු විකිණිමට වැඩපිළිවෙලක් රජයේ බලධාරින්ගේ මැදිහත්විමෙන් තවමත් සැකසි නොමැත.බහුදින යාත්‍රා 16

sdr

ඇඳිරි නීතිය ඉවත්කරනවා යැයි කලින්ම පොලිස් ප්‍රධානියෙකු කැට අල්ලා ප්‍රකාශ කළ නිසා මුහුද මැද මාළු අල්ලමින් සිටි ඇතැම් බහුදින යාත්‍රාද හනික ගොඩට පැමිණ තිබුනේ අල්ලා ගත් මසුන් විකුණා ජිවත්විමට  ගාණක් හොයාගන්නටය.එහෙත් බලධාරින් නිරෝධායන ඇඳිරි නීතියද වෙනුවට  මිගමුවට අඟුලු දැමිමට කටයුතු කර තිබුණි.
විකිණිමට බලන් පැමිණි මසුන් සියල්ල දැන් බෝට්ටු ඇතුලේය.
තවත් දින කිපයක් මේ අඟුලුවලට සිරවි සිටින්නට වේදොයි ඔවුන් නොදනිති.පොඩි බෝටිටුහාල් මැස්සන්ට ගිය බෝට්කරවල් 101
පොඩි බෝට්ටු ධිවරයන් ඇඳිරි අස්සේ හෝ මුහුදු ගොස් අල්ලන මාළු ටික අලෙවි කරගැනිමටත් කිසිදු වැඩපිළිවෙලක් නැත.
එබැවින් ඔවුන් ඉතිරිව ඇති එකම විකල්පය නම්  අඩු මුදලකට හෝ කරවල වලට දිමටය
මේ මාළුවලින් කරවල දැමු ධිවර ප්‍රජාවද දැන් සිටින්නේ බරපතල අර්බුදයකය.
පසුගිය දිනවල ඔවුන් දැමු කරවල තවමත් සැකසෙමින් පවති.
ඊයේ දිනයේ එහි පැමිණි පොලිසිය කියා තිබුනේ මිගමුව හුදකලා කර ඇති නිසා මේ අයට කරවල වේලිමේ කටයුත්තේ පවා නියැලිමට නොහැකි බවය.
මිගමුවේ කරවල නිෂ්පාදකයන්ට විකිණිම සඳහා පෙට්ටි රැගෙන පැමිණ සිටි කිරිඳිවෙල ලොරි රථ රියදුරුවෙකුගේ බලපත්‍රයද පොලිසිය භාරයට ගෙන ඇත.කරවල 100
නිෂ්පාදනය කර ඇති කරවල තොග ගොඩ ගැසි ඇත.
රට මැදට යෑවිමට පවා කිසිදු වැඩපිළිවෙලකට රජය පහසුකම් සලසා දි නැත.
සතියක් ඇතුලත මේ කරවල තොග අලෙවි කර නොගත හොත් ඒවා අවවර්ණ වි මිළ පහල යන බවද මේ කරවල නිෂ්පාදකයන් කියා සිටිති.

මිගමුව ගැන බලාකියා ගන්නවා යැයි මැතිවරණ කාලයේ ලොරි ටෝක් දුන් දේශපාලකයන් දැන් නැත.
ඇත්තේ ඔවුන් එදා විසිකළ තෝප්පි දාගත් අසරණ ධිවරයන් පමණි.
ඒ අයගේ පිහිටට  පල්ලියද නැති තරම්ය
මනාප ඉල්ලා ගෙවල් ගානේ ගිය දේශපාලකයන්ද නැත.
ප්‍රශ්ණ ගොඩක් මැද ධිවරයන් පමණක් අසරණව සිටිති