බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් සරත් මැදිහත්වෙයි !අනෙක් දේශපාලකයන් නිහඬයි?

0
86

sarath G

බහුදින යාත්‍රා 16හලාවත, වෙන්නප්පුව හා ආශ්‍රිත ධීවර ප්‍රදේශ වල ධිවර ව්‍යාපාරිකයින්ට මාළු ප්‍රවාහනය කිරීමට දික්ඕවිට ධීවර වරාය වෙත, මීගමුව යාමට ධීවර දෙපාර්තමේන්තුව අවශ්‍ය අවසර බලපත්‍රයක් ලබාදී තිබුණත් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙතින් ගමනාගමනයට සීමා පනවා ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් පවසයි. හලාවත සිට මීගමුව, දික්ඕවිට ඇතුලු අත්‍යඅවශ්‍ය ස්ථාන වෙත මාළු ප්‍රවාහනය කිරීමට බාධා පනවා තිබීම ඔවුන් මේ දිනවල මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති බව රුවන් ප්‍රනාන්දු මහතා පවසයි. ” …”අද උදේ අපිට අවශ්‍යතාවයක් ඇතිවුණ මොහොතේදී අපේ ධීවර අමාත්‍යවරුන්ගෙන්වත් අපට සහයෝගයක් ලැබුණේ නෑ, සරත් ගුණරත්න මහත්තයා පමණයි මැදිහත් වෙලා අපට අවස්ථාවක් සකසලා දුන්නේ. ඒ වෙනුවෙන් සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය හැටියට අපි විශේෂ ස්තූතියක් එතුමාට පළකර සිටිනවා. ” මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළකළ ඒමහතා පැවසුවේ ඇගලුම් ක්ෂේත්‍ර වල රැකියා කරන්නන්ට ප්‍රවාහනය සදහා රජය අවසර ලබාදී තිබෙනවා නම්, ඇයි රටට විදේශ විණිමය ලබාදෙන ධීවර ව්‍යාපාරිකයින්ටත් ඒ අවස්ථාව ලබා නොදී සිටින්නේ යනුවෙනි.