spot_img
spot_img
Wednesday, September 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට…..

මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට…..

0
119
wedding-white-reception_~k3838552කොරෝනා වෛරසය මේ සමාජයට මුදාහරිමින් ඇති බලපෑම විටක වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයෙන් සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම නොසිතු ලෙසින් අර්බුද නිර්මාණය කරමින් තිබේ
තමන් තුල වෛරසය ඇතිදැයි නොදැන බොහෝ අයෙකු විසින් කරනු ලබන මැදිහත්විම් අවසානයේ කෙළවරවනු ඇත්තේ සමාජයේ තවත් බහුතරයක් දෙනාට විශාල බලපෑමක් එල්ල කරමිනි.
ලංකාදිප වෙබ් අඩවිය විසින් පළකළ තිබුන බණ්ඩාරවෙල මංගල උත්සවය ඒ අකාර සිදුවිම් වලට එක් නිදහසුනක් පමණි. මේ දිනවල අප මේ අයුරින් තවත් සිදුවිම් කථා රැසක් ගැන තොරතුරු අසමින් දකමින් සිටිමු.
ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කළ ඒ සිදුවිම සැකෙවින් මෙසේය

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ  මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු  එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කිරීමට අද  ( 10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය. 

මීට දින 10 පමණ පෙර දී මංගල උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා පුද්ගලයන් 40ත් 50ත් අතර ප්‍රමාණයක්  සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය

මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි මනාල මහතාගේ සහෝදරයකු මංගල උත්සවයට සහභාගි වී  ඇති අතර එයින්  දින කීපයකට පසු කොරෝනා රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් ඔහු පි සි ආර් පරීක්ෂණයට භාජනය කර තිබූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර් යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එම පුද්ගලයා  ආසාදිතයෙකු  බවට පෙරේදා 9 වෛද්‍ය වාර් තාව මගින් අනාවරණය වීමෙන්  පසුව  ආ ගිය තැන් තැන් පිළිබඳව විමසීමේ දී මේ බව අනාවරණය වී ඇතැයි එම  ප්‍රකාශකයා කීය .

ඒ හේතුවෙන් එම මංගල උත්සවයට සහභාගී වූ අවට නිවාස කීපයක සාමාජිකයන් එම නිවෙස් වලම ස්වයං නිරෝධායන ලක් කිරීමට පියවර ගත් බවත් තවදුරටත් සොයා බලා පිටස්තර ප්‍රදේශවල අය වෙතොත් ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල  දැනුවත් කිරීමට පියවර ගන්නා බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

මනාලිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඒ සම්බන්ධයෙන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ද දැනුවත් කිරීමට පියවර ගත් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය
මුලාශ්‍රය- ලංකාදිප