ලඟදීම කැබිනට් සංශෝධනයක් ? පවිත්‍රා කැපෙයිද ? සුදර්ශණි සුදුසු නැද්ද ?

0
130

FB_IMG_1605014109197ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටින බව දිවයින විසින් වාර්ථා කොට තිබේ.
මෙහිදී කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකුගේ තනතුරුවල වෙනසක් සිදුවීමට නියමිත බව වැඩිදුරටත් එහි සඳහන්ය.
ඉදිරි සතියේදී මෙම සංශෝධන සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියයි.
20 වැනි සංශෝධනයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදුවන බව මීට පෙර දී ද ප්‍රකාශ වි තිබුණි.
මේ අතර infosrilanka.lk වෙබ් අඩවිය මෙම කැබිනට් සංශෝධනය ගැන  පුවතක් පළකරමින් කියා තිබුනේ සෞඛ්‍ය ඇමතිධුරයේ වෙනසක් සිදුවිමට නියමිතව ඇති බවකි.
මේ අතර කොරෝනා ප්‍රශ්ණය හමුවේ දැනටමත් කාර්යශුර මැදිහත්විමක නියැලෙන රාජ්‍ය ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ රටේ සෞඛ්‍ය ඇමතිධුරය හොබවන්නට සුදුසු නැතිදැයි බුද්ධිමත් පුරවැසියන් අතර කථාබහක් නිර්මාණ වි ඇති බව පෙනේ.
රැඳවියන් අතර වේගයෙන් පැතිර යමින් ඇති කොරෝනා වෛරසය අදාලව ඇය දැනටමත් පුලුල් ක්‍රියාකාරි මැදිහත්විමක නියැලි සිටි.
කාන්තා රැදවියන් සදහා නිරෝධායන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් දළුපත පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුල ස්ථාපිත කිරිමට ඇය දැනටමත් මුල පුරා තිබුණි
මේ සදහා අවැසි සියළු දැ සපයා දිමට කටයුතු කර තිබුනේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසිනි