ඉතාලියේ විස්කි සොරකම් කල ශ්‍රී ලාංකීක තරුණයෙකු පොලිසියට කොටුවෙයි.

0
80

received_1023532874823476

ඉතාලියේ මෙස්සීනා නගරයේ සුපිරි වෙළෙදසැලක යුරෝ 500 ක් වටිනා මත්පැන් බෝතල් ( විස්කි ) සොරකම් කල 21 හැවරිදි ශ්‍රී ලාංකීක තරුණයෙකු ඉතාලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය (10) රාත්‍රී 7 පමණ සිදු වී ඇති අතර මෙම අවස්ථාවේදී සුපිරිවෙලෙද සැලේ සේවකයෙකු සොරකමට පැමිනී පුද්ගලයා සමග පොර බැදීමෙදි තූවල ලබා ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් මුලු ලෝකයම ආර්ථීක අපහසුතා වලට මුහුන දෙමින් පවතින තත්වයක සොරකම්ද වැඩි වෙමින් පවතී. පසුගිය දිනවල ඉතාලියේ මිලානෝ සුපිරි වෙලදසැලක ආහාර සොරකම් කිරීමක් සම්බන්ද පුවතක් මුහුනු පොත හරහා සංසරණය විය. එහිදී කුසගින්නට අහාර සොරකම් කිරීම නිසා එම සොරකමට සම්බන්ද පුද්ගලයා හට සමාව ලැබිනි. නමුත් ඊයේ සිදු වූ මෙම සිදුවීමේදි පොලිසිය විසින් සැකකරු මංකොල්ල කෑම හා අපරාධ සම්බන්දයෙන් නීතීයට පමුනුවන බව දන්වා තිබේ.