අද කොරෝනා දීමනාව තුළින් මඳ අස්වැසිල්ලක් ලබන දළුපත වැසියෝ …..

0
151

IMG-20201114-WA0044IMG-20201114-WA0045

( 5.30 Pm )  කොරෝනා වසංගතය විසින් ජනතාව මත පටවා ඇති දහසකුත් එකක් ප්‍රශ්ණ රු. 5000/ ක් වැනි මුදලකින් විසඳා ගැනීමට නොහැකි බැව් සත්‍යයකි. නමුත් එම මුදල වුවද මේ ආපදා අවස්ථාවේදී ඔවුන්ට ඉමහත් පිටුවහලක් වන බවද කිව යුතුය.
මේ අනුව දළුපත ග්‍රාම නිලධාරිණී සුදාරි මහත්මිය සහ සමෘර්ධි නිලධාරී බ්‍රිටෝ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මෙම මුදල දළුපත ප්‍රදේශවාසීන්ට බෙදා දීම ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව සංවිධානය කර ගැනීම සඳහා දළුපත ප්‍රජා පොලිස් ඒකකයේ සභාපති මාකස් කාරිය කරවන මහතා ඇතුළු එහි නිලධාරි මණ්ඩලයේ මැදිහත්වීමද වැදගත්විය. ඔවුන් පැමිණ සිටි පිරිස සෞඛ්‍ය පිළිවෙත් අනුව හැසිරවීමට විශාල පරිශ්‍රමයක් දරනු පෙනින.
පසුගිය කාලය තුළ අවට ප්‍රදේශයන්ට රු. 5000/ දුන් ආරංචිය කන වැකුනු විගස මීගමු ජනතාව එය ලැබේදෝ නොලැබේදෝ යන කුකුසින් යුතුව පසුවූ බව කිවයුතුය. මේ වනවිට ඔවුන් උපරිම වශයෙන් හෙම්බත්වී ඇත. ඉදිරියේදී තත්වය යහපත් ලෙස වෙනස් වන්නේ නම් ගැටළුවක් නැත. නමුත් එය අයහපත් තත්වයට පත් වන්නේ නම් ජනතාව වෙනුවෙන් අදට වඩා වැඩි වගකීමකින් කටයුතු කිරීමට සිදුවන බවද අපි රජය සහ අදාල නිලධාරීන්ට සිහිපත් කරමු.IMG-20201114-WA0046

සැම්සන් ඥානසිරි