යාචකයන්ට සහන සැලසීමත් දැන් අවදානම් ???

0
162

කෝ මිටරේ 2( 8.30 am ) මාර්ගවල සිගමන් යදින පුද්ගලයන්ගෙන් මහජනතාව ප්‍රවේශම් විය යුතු බව පොලීසිය අවධාරණය කර සිටි.යම් හෙයකින් වෛරසය ආසාදනය වූ යාචකයෙකුට මුදල් ලබාදීම හෝ ආහාර ලබාදීමේ අත ස්පර්ශවීමෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව ඔවුහු කියා සිටිති

එමෙන්ම යාචකයෙකු වාහනවල වීදුරු සහ උපාංග ස්පර්ශ කිරීමෙන් ද කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය විමට ඇති හැකියාව ගැන සදහන් කරයි

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවසුවේ කොළඹ ප්‍රදේශයේ ආලෝක සංඥා අසළ සිගමන් යදින පුද්ගලයින්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතු බවයි.

යාචකයින් සමග මෝටර් රථයක් තුළ සිටින පුද්ගලයෙකු වීදුරුව පහත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ද ඒ මහතා සදහන් කරයි.

සියලු යාචකයින් රදවා තබා ගැනීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් සිගමන් යදින ප්‍රදේශවලින් ඉවත් කිරීමේ ගැටළුවක් ඇති බව දේශබන්දු තෙන්නකොන් මහතා පෙන්වා දෙයි.

ඔවුන් පොලිස් ස්ථාන තුළ රදවා තබාගත නොහැකි අතර, ඔවුන් අනිවාර්යයෙන්ම වෙනත් ස්ථානයකට රැගෙන යායුතු බව ඔහු පවසයි.

කෙසේ වෙතත් එම යාචකයින් සියලුදෙනා එක ස්ථානයකට රැස්කර ඔවුන්ට ආහාර පාන ලබාදීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ

මේ අතර මීගමුව නගරාධිපතිවරයා විසින් සිය කාර්ය මණ්ඩලයද යොදාගෙන මීගමුවේ යාචකයන් හට කෑම ලබාදිම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබේ.
මේ වැඩසටහන තුල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන්  විසින් මේ මතුකර ඇති අවධානම ගැන කොයිතරම් අවධානයක් දි තිබේද යන්නද ගැටළු සහගතය.
මේ ඇතැම් අවස්තාවන් වල මුහුණු ආවරණ පවා නොමැති යාචකයන් විසින් පොදි කමින් කෑම පාර්සල් ලබාගැනිමට පෝලිමේ සි⁣ටි අවස්ථාව ගැනද වාර්තාවිය.
කෙසේ වෙතත් දැනට ආහාර ලබාගැනිමට වැඩපිළිවෙලක් නැති යාචකයන් සදහා කිසියම් විධිමත් වැඩපිළිවෙලක් තවදුරටත් ක්‍රියාත්මක විය යුතුව තිබෙන අතර එහිදි සැබැවින්ම වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇත්තේ මාධ්‍ය සංදර්ශන වලට වඩා සෞඛ්‍යාණුකුල රැකිමට මුල් තැන දෙමිනි.
එහෙත් අවසනාවත්ත ලෙසින් රටේ බොහො තැන්වලදි පිඩාවට පත්වුවන් ක්‍රියාත්මක  සහන වැඩසටහන් අද එහෙම පිටින්ම ඒ ඒ පුද්ගලයන්ගේ මෙන්ම සංවිධානවලද මාධ්‍ය සංදර්ශන බවට පත්ව තිබේ
මිටරේ 10