මහපාරේ මරබිය ගෙනෙන ලේ වැකි අපරාධය….

0
298

IMG-20201115-WA0003IMG-20201115-WA0007

( 5.00 pm ) ඊයේ සවස් වරුවේ  මීගමුව මාක් පාරේ වේගයෙන් ගමන් කළ මෝටර් රථ දෙකක් මාක් පිට්ටනිය ඉදිරිපිට නතර විය. එක් මෝටර් රථයකින් බැසගත් සිව් දෙනෙක් අනෙක් වාහනයේ සිටි පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා පලාගිය නමුත් අවට සිටි කිසිවෙකුට මෙම අවස්ථාවේදී මැදිහත්වීමක් කළ නොහැකි වී ඇත. ඒ ඔවුන් මෙම සිදුවීම නිසා බියට පත්වී සිටි නිසා විය හැක.
මේ පිළිබඳව අදාල ප්‍රවෘත්තිය මීපුර වෙබ් අඩවියේ පලකර තිබින.

සිදුවීම තුළ බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.

නමුත් මේ තුළින් සමාජයට දෙන පනිවිඩය හිතකරවූ එකක් නොවන බව පැහැදිළිය. මෙම ස්ථානයේ පාරේ තවමත් සටහන් වී තිබුනු ලේ පැල්ලම් වල පින්තූර ගැනීමට ගිය මා තුළ පවා ජනිත වූයේ බියකි.
මේ ස්ථානය තුළින් නිහඬ පාළු ගතියක් ජනිත කරයි.
මෙසේ මිනිසෙකුට තවත් මිනිසෙකු කපාකොටා පළිගැනීම සඳහා මහපාර යොදා ගැනීම සඳහා නිදහසක් ඉඩ කඩක් ලැබී ඇත.
මෙය බරපතල තත්වයකි.
මන්ද මේ සාමාන්‍ය අවස්ථාවක් නොවන බැවිනි.
මහපාරේ ප්‍රධාන ස්ථාන වල ආරක්ෂාව තර කර තිබියදී මෙම මෝටර් රථ දෙකට මාක්පාර වැනි අතුරු පාරකට පැමිණිය හැකිවූයේ කෙසේද? යන්න ප්‍රශ්ණයකි. කෙසේ නමුත් අද මීගමුමීගමු නගරයම අනාරක්ෂිත තැනක් බවට පත්වී ඇති බව පැහැදිළිය.
එස්.ඥානසිරි