සාමාන්‍ය ජන ජීවිතය තුළ මීටරයට සිදුවන්නේ කුමක්ද?

0
195

IMG-20201117-WA0028IMG-20201117-WA0030

( 7.00 pm ) කොරෝනා වසංගත තත්වය මීගමු නගරය වටා භයානක සර්පයෙකු මෙන් ක්‍රමයෙන් මිනිස් ජීවිත බිළිගැනීම සඳහා ඇදී එන බව පෙනේ. මීගමු නගරය ඇතුළුව , දූව, පිටිපන සිට තලාහේන, පමුණුගම, කැපුන්ගොඩ, බෝපිටිය දක්වා තීරුව දැඩි අවධානමක පවතින බව ලැබෙන තොරතුරු අනුව වාර්තාවේ. දිනෙන් දින සිදුවීම් සිදුවන ආකාරය අනුව ජන මනස තුළ ජනිත විය යුත්තේ දැඩි භීතියකි. නමුත් මා මාධ්‍ය කටයුත්තක් සඳහා දූව ප්‍රදේශයට යන අවස්ථාවේ මුන්නක්කරය , අලියපොලෙහි පැවති වෙළඳපොල තුළ එකිනෙකා පොදි ගැසී සිටින ආකාරය දැක්කෙමි.
එසේම දළුපත ග්‍රාමීය තැපැල් කන්තෝරුව ඉදිරිපිටද තමන්ගේ ජීවනාධාරය ලබා ගැනීම සඳහා සැකසී තිබුනු පෝලිම තුළද එකිනෙකා ඉතා සමීපව සිටිනු දැකිය හැකි විය. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මේ අයට දුරස්ව සිටින සේ අවවාද කරන ලදී. පොලිස් නිලධාරීන් පිටත් වූ පසුව නැවත පෝලිම තිබුනු තත්වයටම පත්වූ අතර එම නිලධාරීන්ටද යම් ආකාරයක ඇනුම් පදයක් වැනි යමක් ප්‍රකාශ කරනු අසන්නට ලැබුණි.

සමහර දෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති පිළිපැදීමට වඩා තමන්ගේ එදිනෙදා ආහාර වේල සකසා ගැනීම, ඒ සඳහා අතට මුදලක් සොයා ගැනීම, ජීවත්වීමට අදාලව යමක් කිරීම, යනාදී කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. කොරෝනා වසංගතය විසින් වෙළඳාම ගැන නොදන්නා අය පවා වෙළඳුන් බවට පත්කර ඇත.

මගතොටේ බිත්තර වෙළෙන්ඳන්, එලවළු වෙලෙන්ඳන්, අල බතල වෙළෙන්ඳන් ආදී වශයෙන් විවිධ ආහාර වර්ග විකුණන පිරිස් දැකිය හැක. ජීවත්වීම සඳහා මේ සියළු දෑ අවශ්‍ය බව ඇත්තකි. නමුත් සමහර දෙනෙක් ඉහත කී පරිදි තමන්ගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි හෝ එම නීති රීති ගැන හෝ වැඩි අවධානයක් යොමු කරන බවක් නොපෙනේ. ඔවුන්ට මීටරය පිළිබඳ දුරස්ථ භාවය ගැන කල්පනාවක් නැත. මේ අනුව පුද්ගල සමාජ හැසිරීමේදී විශේෂත්වයක් නොදක්වා පෙර පරිදි කටයුතු කිරීමට යොමුවේ. පවතින තත්වය අනුව එය හිතකර නොවන්නකි.
එබැවින් ඉදිරියේදී තමන්ගේ මෙන්ම අනෙකාගේ ජීවිත ගැනද සිතා එකට පොදි ගැසී කටයුතු නොකිරීම, මුඛ අාවරණ පැලදීම, මීටරයේ දුරස්ථ බව රැකීම ආදී සෞඛ්‍ය පුරුදු කෙරෙහි අවධානය යොමු කිරීම සියළු දෙනාගේ වගකීමක් බව අප අවධාරණය කර සිටිමු.

සැම්සන් ඥානසිරි

IMG-20201117-WA0042IMG-20201117-WA0040