මීගමු විදුහල්පති පියතුමාගේ විභාග වංචාව හෙළිදරව් කළ ගුරුවරයාට යළිත් මරණ තර්ජන ???

0
236
rbt

rbt

( 9.15 am ) මේ වන විට රටපුරාම මහත් ආනදෝලනයකට තුඩු දි ඇති විභාග අක්‍රමිකතා සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින  මිගමුව සා. මරියා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ව බේරාගැනිමට ඔහුගේ ආධාරකරුවන් රැසක් විවිධ ප්‍රවේශයන් ඔස්සේ එළිබහිමින් සිටිති.
ආරම්භයේදිම මේ වැඩේට බැස තිබුනේ  පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිණිය ඇතුල පිරිසකි.

මෙහි එක් පියවරක් ලෙසින් මේ නියෝජ්‍ය විදුහල්පතිණිය විසින් විදුහල්පති පියතුමා තමන්ගෙන් තර්ක ශ්‍රාස්ත්‍රය ප්‍රශ්ණය  පත්තරයේ එක් ප්‍රශ්ණයකට පිළිතුර පැහැදිලි කරන්න යැයි කියා විදුහලේ ගුරුවරයෙකු වන වසන්ත මාරසිංහ විසින් ලබාදි ඇති කටඋත්තරය වෙනස් කරන්නට යැයි විවිධ බලපෑම් එල්ල කරමින් සිටින බැව් වාර්ථා විය
ඇය කියා ඇත්තේ විදුහල්පති ජයන්ත පියතුමාගේ දුරකථනයෙන් වෙනත් ශිෂ්‍යයෙකු විසින් තමන්ට දුරකථන ඇමතුමක් දුන්නේ යැයි කියන ලෙසය.ජයන්ත පියතුමා
ඇය තවදුරටත් පවසා ඇත්තේ මේ සිදුවිම ගැන සා.මරියා ආදි ශිෂ්‍ය සංගමයද කිපි ඇති බවය. එය සැබැවින්ම වක්‍රආකාරයෙන් සිදුකරන්නට යෙදුන තර්ජනයක් වැනිය.
කෙසේ වෙතත් අද මිගමුව පොලිසියට ගිය සා.මරියා විදුහලේ තර්ක ශ්‍රාස්ත්‍රය උගන්වන වසන්න මාරසිංහ ගුරු මහතා තමන්ට සිදුකරන්නට යෙදුන බලපෑම ගැන පැමිණිල්ලක් කර තිබුණි.
පැමිණිලි කිරිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණ දැක්වු ගුරුවරයා කියා සිටියේ ඉතා පැහැදිලි ලෙස තමන්ගෙන් ප්‍රශ්ණ පත්තරය ගැන පිළිතුරු අසා සිටියේ විදුහල්පති පියතුමා විසින්ම බවත් මොන බලපෑමක් හමුවේ වුව ඒ ප්‍රකාශය වෙනස් නොකරන බවත්ය.

මේ අතර විභාග අක්‍රමිකතා සිදුකළ විදුහල්පති පියතුමා ගැන අප විසින් මිපුර වෙබ් අඩවියේ පළකරන ලද  ලිපිවලටද සා.මරියා විදුහලේ ආදි සිසුන් යැයි කියාගත් පිරිසක් ඉතාමත් පහත් භාෂාවකින් බැන වැදි තිබුණි.

මේ අතර මෙම සා.මරියා විදුහලේ වසන්න මාරසිංහ ගුරුවරයාට මරණ තර්ජනයක් ඇතැයි පසුගියදා කියා තිබුනේ මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකි.
මේ සම්බන්ධයේ මිපුරට අදහස් දක්වමින් වසන්ත මාරසිංහ ගුරතුමා කියා සිටියේ තමන්ගේ හිතවත් ගුරුවරයෙක්  පසුගියදා දුරකථන ඇමතුමක් දෙමින් තමාට කියා තිබුනේ මරණ තර්ජන එල්ල කිරිම සදහා කිසියම් අයෙකුට කොන්ත්‍රාත්තුවක් ලබා දි ඇතැයි කියාය.
එබැවින් එවැනි අවධානම් වලට නොයා දෙන මුදලක් ගෙන නිහඩව සිටිමට කටයුතු කිරිම වඩාත් සුබ යැයි මෙම හිතවත් ගුරුවරයා තමන්ට පැවසු  බව ඔහු මිපුර හමුවේ කියා සිටියේය.
මෙම හෙළිදරව් කළ තම හිතවත් ගුරුවරයා මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකු බවද ඔහු සදහන් කළේය