ළමයෙකුට දිය යුතු පාදෙණියගේ වෙදකම ගැන සංජීවගේ සටහන…

0
90

පාදෙණි( 7.00 pm ) අනේ පාදෙණිය, ඔය දොස්තර කම දීපං ළමයෙක්ට..

අද ස්වර්ණවාහිනීයේ පත්තරේ විස්තරේ සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා දිලිප් වෙදාරච්චිගේ අමුවෙන් මාළු කෑම මේ ජාතියට කරපු ලොකුම විනාශය කියලා පෙන්වන්න. ඒකට කතාකළේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය. මිනිහා අමුවෙන් මාළු කෑම ගැන මෙහෙම කියනවා.

‘අමුවෙන් මාළු කෑවාම පැරසයිට්ස් වර්ග ඒකියන්නේ පණු වර්ග ඇගට එන්න පුලුවන්. ඔය ජපානය වගේ රටවල් වල ඒ ප්‍රශ්නය ලොකුවට තියෙනවා. ඊළඟට එක එක බැක්ටිරියා වර්ග එන්න පුලුවන්. මාළුවාගේ ඇගේ තැවරුණ දේවල් නිසා අපිට නොයේක් ආසාත්මිකතා එන්න පුලුවන්. ඒනිසා අමුවෙන් මාළු කන එක හොඳම නෑ.

අපි අතීතයේ ඉදලා මස් මාළු කාපු ජාතියක් නෙවෙයි. අනික කනවනම් ශිෂ්ඨ විදිහට කන්න ඕනෑ. මම කියන්නේ මේවා පෙන්වන්න එපා. ළමා රෝග විශේෂඥයෙක් විදිහට සමාජ මාධ්‍යටත් කියන්නේ මේක දරුවන්ට කරන අසාධාරණයක් . වැරදි ආහාර පුරුදු මේවා. මේවා ප්‍රචලිත කරන්න හොඳ නෑ….’

මේ යකා වෛද්‍ය උපාධිය කොහෙන් ගත්ත ද මන්දා.
මේ වගේ ළිං මැඬියෝ ගැන ඉතිං කවර කතාද?
මස් මාළු අමුවෙන් කන එක මිනිස් ඉතිහාසය තරම්ම පැරණියි.
ලංකාවෙත් මිනිස්සු මස් අමුවෙන් කෑවා. මූ ඒ ඉතිහාසය දන්නේ නෑ.
ලංකාවේ මිනිස්සු අමු මස් මීපැණිවල ගිල්ලලා කෑවා කියලත් මේ හරකා දන්නේ නැතුව ඇති. අපේ ගම්වල මිනිස්සු හිටියා අමුවෙන්ම ගස්වල ඉන්න ගොලුබෙල්ලෝ කටට හලාගන්න.
ඒක පැත්තකින් තියමු.
මාළු අමුවෙන් කන අග්නිදිග ආසියාවේ මිනිස්සුන්ට පණු ගාය තියෙනවා කියලා කියන්න තරම් මෙකා හරකෙක්.
දැනටත් ලංකාවෙන් අමුවෙන් කෑම සඳහා මාළු පිටරට යැවෙනවා. කොවිඩ් නෙවෙයි මොන බම්බුවක්වත් නෑ.

අනික අද ලෝකයේ ජනප්‍රිය ආහාර රටාවක් සහ සංස්කෘතියක් තමයි රෝ ආහාර නැත්තං සජීවී අහාර සාංස්කෘතිය.
ඒක සුළඟක් වගේ ලෝකය පුරා හමාගෙන යනවා.
ඊළඟට ඒකටම එකතුවුණ වස විෂ නැති ආහාර අමුවෙන් කෑමේ ආහාර සංස්කෘතිය. මේ කිසිම දෙයක් නොදන්න මේ හරකා තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් රාජපක්ෂලා ආරක්ෂා කිරීම වෙනුවෙන් කඩේ යනවා.
ලැජ්ජයි..!
(කේ.සංජිවගේ ෆේස් පිටුවෙනි )