රු 5000 ගන්න ගිය තවත් කාන්තාවකට මීගමුවේදි අද ජිවිතය අහිමිව යයි …..

0
245

white-flag-against-blue-sky-clouds-fluttering-wind-white-flag-against-blue-sky-128399963( 6.00 PM ) ජිවිතය අන්ත දුෂ්කර අයුරින් ගෙවමින් සිටින ජනයාට රු 5000 යනු සැබැවින්ම බඩගින්න නිවාගන්නට සහනයකි.මේ නිසාම එය ලබාගත හැකි පළමු මොහොතේම එය ගන්නට ලොකු සටනක් දෙන බව පෙනේ.
මේ නිසාම අද අලුයමින්ම නැගිට 157 බෝලවලාන ග්‍රාම නිළධාරි කාර්යාලයට ගොස් සිටි  57 වියැති කාන්තාවකට හදිසියේ මතුව තිබුන අසනිප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණද දිවි බේරි තිබුනේ නැත.
පුද්ගලික ස්ථානයක කම්කරු සේවක නියැලුන  ඇය කලින්ම එන්නට ඇත්තේ ඉක්මනින්ම මුදලද ලබාගෙන රැකියාව කරන තැනට යන්නට බලාගෙන විය යුතුය.
මිට සතියකට පමණ ඉහතදි කදිරාන ප්‍රදේශයේ කාන්තාවක්ද මෙසේ රු 5000 ලබාගැනිමට පෝලිමේ සිටියද අසනිප විමෙන් පසු ජිවිතයෙන්ද සමුගෙන තිබුණි.
කොරෝනා හා බැදුන ජිවන දුෂ්කරතාවයන් හමුවේ ඇතැමුන්ට දැන් ජිවිතයෙන්ම වන්දි ගෙවාලන්නට සිදුව ඇති තත්වයක්ද නිර්මාණය වෙමින් තිබේ