මීගමුව තවදුරටත් හුදකලා කෙරේ ! ගම්පහ නගර 5 ක හුදකලාව තවදුරටත් ක්‍රියාත්මකයි !

0
73

ARMYCOMMANDER-Shavendra-silva( 7.45 am ) කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“දැනට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශ අතරින්, ප්‍රදේශ 4ක් බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම් හතරේ හුදකලාභාවයන් ඉවත් වෙනවා. ඒ වුනත් මේ වන විටත් හුදකලා කර තිබෙන  මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමෙන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, ආදිරිප්පු වීදිය, ඩ්‍රෑම් ස්රිට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම්වල හුදකලාභාවය ඉවත් කරන්නේ නෑ. පොලිස් වසම් 17ක් තිබුණා. එයින් 4ක පමණයි ඉවත් වෙන්නේ. ඊට අමතරව කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද කියන ග්‍රාමසේවා වසමත්, බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමත් තවදුරටත් හුදකලා තැබෙනවා.“ 

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ

  • මීගමුව
  • වත්තල 
  • පෑලියගොඩ 
  • රාගම 
  • කැලණිය

අටලුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,

  • බෝගහවත්ත
  • බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය
  • හිරිමන්තුඩාව
  • කෝරාවල
  • අටලුගම බටහිර
  • බමුණුමුල්ල
  • ගලහමණ්ඩිය

derana.lk