lock down ඉවත් කළ දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් අදත් ආසාදිතයන් 8 ක් ! මිගමුවේ මුළු ගණන 231 දක්වා ඉහලට !

0
79

corona( 7.35 pm ) මිගමුව තවදුරටත් හුදකලා නිතියට යටත් කර තිබේ. මීගමුව එසේ හුදකලා කොට දැන් මසක්ද ඉක්මවා තිබේ. පසුගිය දිනවල වැඩිපුර ආසාදිතයන් වාර්තා වෙමින් තිබු දුන්ගාල්පිටිය පොලිස් වසම පසුගිය සතියේ මුලදිම හුදකලා නිතියෙන් ඉවත් කොට තිබුණි.
එහෙත් අද දිනයේදිද දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තා වි ඇති ආසාදිතයන් ගණන 8 කි. මේ පිරිස හදුනාගෙන ඇත්තේ සෙත්තප්පාඩුව  ප්‍රදේශයෙනි.
එමෙන්ම කුට්ටුදුව කරවල් නිෂ්පාදන ප්‍රජාව අතරින්ද කොරෝනා වෛරසය ආසාදනය වු රෝගි්න් 3 දෙනෙකු අද වාර්තා වි තිබේ.
මේ අනුව මිගමුව තුල මුළු ආසාදිත රෝගින් ගණන 231 දක්වා ඉහල ගොස් තිබේ