මේ අනුව ආසාදිතයින් 44 දෙනෙකු අද දිනයේ හුදකලා නිතිය ඉවත් කරන ලද ප්‍රදේශ වලින් හමුවි තිබෙන බව citizen.lk වෙබ් අඩවිය සඳහන් කර තිබේ
මේ අතර හුදකලා කලේ යැයි විධිමත් ලෙසින් කිසිවිටකත් ප්‍රකාශයට පත්ව නොතිබුණ දුන්ගාල්පිටිය පොලිස් වසම යනු සැබැවින්ම අවදානම් කලාපයෙකි.
පෑලියගොඩ කේන්ද්‍රකොට ගෙන වැඩි ආසාදිතයන් පිරිසක් පසුගිය දිනවල දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තා විය.මීගමුව් ප්‍රධානතම ධිවර ලෙල්ලම් 3 ක් පිහිටා ඇත්තේද මේ කලාපය තුලය.
කෙසේ වෙතත් රජය විසින් විධිමත් ලෙසින් කිසිදිනකවත් ප්‍රකාශයට පත්කර නොතිබුණද මේ පොලිස් වසමේ ඇති අවදානම් තත්වය සලකා එය හුදකලා කිරිමට පසුගිය කාලය තුල පොලිසිය කටයුතු කර තිබුණි.,එහෙත් පසුගිය අගහරුවාදා දිනයේ සිට මේ හුදකලා භාවය ඉවත් කරන්නට යෙදුණි,
තත් එසේ වුවද ඊයේ දිනයේද ආසාදිතයන් 8 දෙනෙකු දුන්ගාල්පිටිය පොලිස් වසමෙන් වාර්තාවි තිබුණි.මෙසේ වාර්තා වු ආසාදිතයන් 8 දෙනාම සෙත්තප්පාඩුවේ පදිංචිකරුවෝ වෙති