( 11.00 am ) දිවුල පිටිය පාරෙන් ජයරත්න පාරට හැරෙන විටම T හැඩයකින් යුතු හංදියේ නිරාවරණයවූ කානුවකි. මෙම ස්ථානයේ පවතින දැඩි කලබලකාරී පරිසරය ගැන සළකා බලන විට මෙහි ඇති අනතුරු දායක බව වටහා ගත හැක.
මෙහි මීටර් 10 ක පමණ ආසන්නයේ ඇත්තේ මීගමුව , කටාන වෙන්කරන කුඩා පාලමකි. අබලන්වී ගිය මෙම කුඩා පාලම නිසා මෙම ස්ථානයේ නිතර ඇතිවන තද බදය ගැන මීට පෙරද අප සාකච්ඡා කර ඇත. එසේම මීගමුව පොලීසියේ රථවාහන අංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ මේගැන අප සාකච්ඡා කළ අතර එම අදාල නිලධාරීන් මෙම මංසන්දියේ ඇති අවධානම් තත්වය හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම්ද යෝජනා කර ඇත. නමුත් දේශපාලන අධිකාරියට හෝ අනෙකුත් කිසිදු බලධාරියෙකුට මේ සඳහා තවමත් විසඳුමක් ලබාදීමට හැකිවී නැත. මාර්ග සංවර්ධන අධිකාරියේ අදාල නිලධාරීයෙකු අප සමඟ ප්‍රකාශ කළේ මෙහි ඇති කඩ පේලිය නිසා පාර පටුවී ඇති බවත් ඒ නිසා විශේෂයෙන් මෙහි තදබදයට එය ප්‍රධාන හේතුවක් වන බවයි.ල ඒනිසා ඒවා කඩාදමා පාර පළල් කිරීම මේ සඳහා ඇති එක් විසඳුමක් බව ඔවුන් පෙන්වා දෙයි.
මෙවන් තත්වයක් පවතිද්දී ඉහතකී කානුව නිරාවරණය වී තිබීම අනතුරකට අතවැනීමක් බව කිවයුතුය. එබැවින් අප අදාල බලධාරීන්ට අවධාරණය කරන්නේ වහාම මෙම නිරාවරණය වූ කානුව හෝ වසාදමන ලෙසය. නමුත් මෙම ස්ථානයේ ඇති ඉහත සඳහන් සංකීර්ණ ගැටළුවට විසඳුමක් කල්ගතවී හෝ අවශ්‍ය බවද කිවයුතුය.
සැම්සන් ඥනසිරි