මාර්තු 15 වනදා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගර කිපයක දේශපාලකයන් මෙන්ම පළාත් පාලන ආයතන නිළධාරින්ද කැදවා තිබුනේ අනවසර ඉදිකිරිම් ගැන සාකච්ජා කරන්නටය.මෙහිදි මීගමුවේ අනවසර ඉදිකිරිම් ගැනද අවධානය යොමුවිය.
මේ හමුවට සහභාගි වි සිටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ගෙන් විමසන්නේ නැතිව මීගමුවේ අනවසර ඉදිරකිරිම් සම්බන්ධයෙන් කිසිදු පියවරයක් නොගත යුතු බවය.
මේ වදන් ඇමතිතුමාගේ මුවින් ගිලිහෙනවාත් සමගින්ම මීගමුවෙන් ගොස් සිටි ප්‍රධාන දේශපාලකයන් දෙදෙනෙකුගේ ඉහේ පිපිණ මල් ගැන කනගාටුවෙන් මීගමුව නගරාධිපතිවරයා බලා සිටි බව සැලය.