නාගරික මන්ත්‍රි ගොමස්ගෙන් මිපුරට කෝල් එකක් ! මිපුර අපෙන් ගොමස් මන්ත්‍රිට අභියෝගයක් ….

0
166

UNP setමිගමුවේ අයවැයට දිනවිමට සහය පළකරනු ලබන දේශපාලකයන් ගැන යම් යම් අනුමානයන් ගැන අප විසින් මිට පෙර පළකරන්නට යෙදුන ලිපියට අදාලව  අප සදහන් කර තිබුන පරිදිම නාගරික මන්ත්‍රි ගෝමස්ගෙන් මිපුරට  දුරකථන ඇමතුම් කිපයක් ලැබි තිබුණි.
එපමණක් නොව අපට එරෙහිව පැමිණිලි කරන බවද ඔහු විසින් අපට දන්වා එවා ඇත,

ඔහු කළ යුතුව ඇත්තේ ඉතා සරල දෙයකි.

ඔහුව පත්කළ ඡන්දදායකයාට එරෙහිව යමින් අයවැය දිනවිමට කටයුතු කිරිමට ඉඩ ඇතැයි අප විසින් කිසියම් දේශපාලන විග්‍රහක් ඉදිරිපත් කර ඇත,
අපගේ ඒ විග්‍රහය පට්ටපල් බොරුවක් යැයි කිමට ඔහු කළ යුතුව ඇත්තේ දෙසැම්බර් 09 වනදාට  මහසභාවට පැමිණ පෙන්විම පමණි.

වැඩේ එතරම් සරලය.

එසේ නොකොට අපට විරුද්ධව පැමිණිලි කරනනවා යැයි කිමෙන් අදහස් වන්නේ කුමක්ද ? ( ඔහු විසින් අපට දැන් සුළු මොහොතකට කලින් එවා ඇති SMS පණිවිඩයකින් කියා සිටින්නේ අපට රුපියල් මිලියනක් සුදානම් කරගන්නා ලෙසය .තමන්ව පත්කළ ජනයාට එරෙහිව කටයුතු කරන නාගරික මිගමුව නාගරික මන්ත්‍රිවරයෙකුගේ වටිනාකම ගැනද දැන් අපට අදහසක් ඇත. එනම් රුපියල් දශ ලක්ෂයකි.)
අප ගෝමස් මන්ත්‍රිවරයා ගැන දේශපාලන විග්‍රහයක්  කර ඇත්තේ ජනතාව පැත්තෙනි
ඒ ඔහුට ඡන්දය දුන් ජනතාව වෙනුවෙනි.

ඔහු අපට එරෙහිව පැමිණිලි කරනවා යනුවෙන් අදහස් කරන්නේ ඔහුව පත්කළ ජනතාවට එරෙහිව පැමිණිලි කරනවා යනුවෙනි.

පසුගිය දිනක රාත්‍රියක දුරකථන ඇමතුමක් දෙමින් අපට කියා සිටියේ ඔහු යළිත් දේශපාලනය නොකරන බවය.
එසේ නම් තමන්ව පත්කළ ජනතාව වෙනුවෙන් ඉටුකළහැකි ඉටුකළයුතු ප්‍රබලම යුතුකම වන්නේ දෙසැම්බර් 09 වනදා පැමිණ අනෙක් සහෝදර මන්ත්‍රිවරුන් හා එක පෙළට සිටගැනිමටය.
ඒ සදහා මහත්මයෙකු ලෙසින් ඔබට හයිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු.

අපට එරෙහිව පැමිණිලි කරනවා නම් අප ඊටද කැමැතිය . එවිට අපට වඩාත් පුළුල් ලෙසින් මේ කරුණු ගැන ප්‍රසිද්ධියේ තවත් මාධ්‍යද එක් කරගනිමින් විපක්ෂ මන්ත්‍රිවරයෙකුගේ වගකිම ගැන පුලුල් සංවාදයක් මිගමුව තුල පමණක් නොව මුළු රට තුලම ඇති කළ හැකිය.
අප ඊටද  වඩාත් කැමැතිය.

මෙහිදි තවත් එක් අභියෝගයක් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමු.
මිගමුව මහනගර සභාව යනු ලංකාවේ ඇති අන්ත දුෂිතම නගර සභාව යැයි අප බය නැතිව කියමු. එසේ කියන්නට හේතු ඕනැ තරම් අප සතුය.
එවන් අසාධාරණ රැසක් ජනතාවට මෙන්ම ජනතාවගේ බදු මුදල් වලට සිදුකරද්දි ගොමස් වැනි නාගරික මන්ත්‍රිවරයෙකු පසුගිය වසර 3 කටත් වැඩි කාලයක් තුල මේ සකලාකාර අසාධාරණයන්ට එරෙහිව මහසභා රැස්විමකදි ප්‍රසිද්ධියේ පෙනි සිට ඇති අවස්ථාවන් ගණන මහසභා වාර්තා ගෙන අපට පෙන්වන ලෙසය.

මිගමුව මහනගර සභාවේ කෝටි 7 ක ස්ථාවර තැන්පතුව මැතිවරණයක් මුව විටේ  තබාගෙන ඉවත් කර ගත් පාලකයන් පාලකයන් ගැන නාගරික මන්ත්‍රි ගොමස් විසින් පළ කළ විරෝධය කුමක්දැයි ඔහුව පත්කළ ජනතාව වෙනුවෙන් අප දැන් ප්‍රසිද්ධියේ අසා සිටිමු.
මිගමුවේ බදුමුදල් අයතා ලෙසින් මහමැතිවරණ සමයේ යොදාගැනිම ගැන සිය ජනතාව වෙනුවෙන් ගෝමස් මන්ත්‍රිවරයාගේ ප්‍රතිචාරය ගැන ප්‍රසිද්ධ කරන ලෙසද අප අභියේග කර සිටිමු.

සැබැවින්ම අප ගෝමස් නාගරික මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් කර ඇති දේශපාලන විග්‍රහය වැරදි නම් ඔහුට එරෙහිව පිලිතුරු ලිපියක් අපට එවිමට පුලුවන.
අප එය ඉතා කැමැත්තෙන්ම පළකිරිමට බලා සිටිමු.

එසේත් නැතිනම් අප විසින් කර ඇති විග්‍රහය පට්ටපල් බොරුවක් යැයි ඔප්පු කරමින් දෙසැම්බර් 09 වනදා මහසභාවට පැමිණ අයවැය පිළිබදව ඔහුගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කිරිමය.

මේ දෙකම නොකර අපගෙන් රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා පැමිණිලි කරන්නේ නම් අප ඊටද කැමැතිය. මන්ද එවන් අවස්ථාවලදි දේශපාලකයන් ගැන බොහෝ දේ දැනගැනිමට ලෝකයාටම  ඉඩ කඩ ලැබෙන බැවිනි.

ඒ අනුව තමන්ව පත්කළ ජනයාට වෙනුවෙන් ඔහු යුක්තිගරුක නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කර ඇත්නම් ඔහු ගැන ඉතාමත් අනගි දේශපානික වර්ණනාවක් සිදුකිරිමට අප මෙහිදි පොරොන්දු වෙමු .
දැන් බෝලය ඇත්තේ නාගරික ගෝමස් මහතාගේ පිට්ටනියේය.
අප බලාසිටින්නෙමු ..