කොන්ත්‍රාත් ගන්න සහ හොර ජාවාරම් වහගන්න මන්ත්‍රිලා වෙච්ච අයගේ සහය හෙට ලංසා පවුලට ?

0
99

MC UNP team 1( 10.30 am )  මේ  පළාත් පාලන කාල සිමාව සදහා පැවැත්වෙන් අවසන් අයවැය විමටද බොහෝ දුරට ඉඩ ඇති මිගමුවේ හෙට පැවැත්වෙන අයවැය විවාදය තීරාණාත්මක එකකි.
මන්ද එයට පක්ෂ වන සහ විපක්ෂ වන අය අනුව සෑබෑ  ජනතා දෝහින් කව්දැයි හෙට හෙළිවිමට නියමිත බැවිනි.
අනික් පැත්තෙන් හෙට අයවැය විවාදය තවත් වැදගත් වන්නේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉතාමත් ශක්තිමත්ව හෙට දිනයේ පැවැත්වෙන අයවැය විවාදයට එක්විමට  පෙළගැසි සිටින බැවිනි.
මේ අනුව අප දැනටමත් හෙළිදරව් කර  ඇති පරිදි හෙට දිනයේ අයවැය විවාදයට  පැමිණිම මග අරිමින් ලංසා පවුලට සහය දක්වනු ඇතැයි අප අනුමාන කරන එජාප මන්ත්‍රිලා කිප දෙනා එසේ කරනු  ඇතැයි සිතිමට ප්‍රධාන කරුණක් වි ඇත්තේ මේ  එජාප මන්ත්‍රිවරුන්ට ලැබි ඇති ඇතැම් කප්පම් වාසි නිසාය.
මේ අතර පාරවල් කානු පොත් කොන්ත්‍රාත් ප්‍රධාන වේ .
මෙයට අමතරව සිය දේපල වල දිග පළල වැඩිකරගැනිමට සදහා වෙරළද අල්ලාගෙන කොච්චිකඩේ නගර බලප්‍රදේශයේ සිටි කුප්‍රකට අන්ත දුෂිත නිළධාරින්ගේද සහය ඇතිව සිදුකර ඇති හොරමගඩි වසාගැනිමට තවත් අය හෙට දිනයේද ලංසා පවුල හා කරේ අත දාගනු ඇතැයි පැවැසේ.
කෙසේෙ වෙතත හෙට දිනයේදි අයවැය මේ දුෂිත පාලකයන්ට සම්මත කරගැනිමට කිසියම්  හෝ අයෙකු සහය වන්නේ නම් මිගමුව තුල ඒ ඔහුගේ දේශපාලන ගමනේ අවසානයද වනු ඇතැයි දැනටමත් බොහෝ පිරිස් කථා කරන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම ඒ ඒ මන්ත්‍රිවරුන්ව පත්කර යැවු කොට්ටාශ වල ජනයාට හෙට දිනයේ තමන්ගේ කෝට්ටාශයේ මන්ත්‍රිවරයාගේ මේ පාවාදිම ගැන දෑස් අයා සිටින බව නම් වඩාත් පැහැදිලිය