නගරාධිපතිට මීගමු අයවැයේදි සහය දෙනබවට පොරොන්දු වු එජාප මන්ත්‍රිලාගෙන් තවත් ඩීල් ගේමක් ?

0
58

bribery( 9.00 am )  පසුගිය දින කිපය පුරාම මිගමුවේ අයවැය පිළිබදවත් එහිදි නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂයට සහය දෙමින් කටයුතු කිරිමට සුදානම් ඇතැම් එජාප මන්ත්‍රිලා පිලිබදවත් හෙළිකරන්නට යෙදුන කරුණු හේතුවෙන් මේ වන විට තමන්ව පත්කළ කොට්ටාශවල ජනයා අතරද පුලුල් කථා බහක් නිර්මාණය වි තිබේ.
ඒ අනුව අද මහසභාවට නොඑන බවට අප විසින් දැනටමත් නම්කරමින් හෙළිකර සිටි අයගෙන් ඇතැමෙක් තවත් ඩීල් සහිත ගේමකට සුදානම් විමට ඇති ඉඩකඩක් ගැනද තොරතුරු මේවන විට වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ලැබි තිබේ.
ඒ  මේ පිරිසෙන් ඇතැමෙකු Plan A  වෙනුවට Plan B  ක්‍රියාත්මක කිරිමට ඇති සුදානමක් ගැනය.
ඒ ඩීල් එක නගාරාධිපති දයාන් ලංසාවද කල් ඇතිව දැනුම්වත් කරමින් සිදුකිරිමට නියමිතව ඇතැයිද සැලය.
කෙසේ වෙතත් මිගමු දේශපාලනය ගැන උනන්දුවක් ඇති බහුතරයක් දෙනා මේ වනවිටත් වෙනදාටත් වඩා උනන්දුවකින් මේ අයවැය ගැන අවධානයෙන් සිටිනුයේ එය මිගමුවේ ඉදිරි දේශපාලනය වෙනුවෙන්ද ඉතාමත් තිරාණාත්මක වන බැවිනි.
මිගමු දේශපාලන ලයිට් එකකට ,පාරකට,කාණුවකට , පොත් වලට ජනතා ඡන්දය පාවා නොදෙන පිරිස් වල ආගමනයක්ද මේ අයවැයෙන් පසුව වර්ධනය විමට නියමිත දේශපාලන පසුබිම  තුල සිදුවිමට බොහෝ දුරට ඉඩ තිබේ