මිගමු නගරාධිපතිගේ අයවැය නීති විරෝධි එකක් බව විපක්ෂ මන්ත්‍රිවරු පෙන්වා දෙති ….

0
158

සංගිත්( ( 11.30 am ) මීගමු ඉතිහාසයේ තීරාණාත්මක අයවැය විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබේ. එහිදි ආරම්භ අදහස් දැක්විම් වලදි වඩාත් ප්‍රබල ලෙසින් මතුකර තිබුන එක් කරුණක් වුයේ නගරාධිපති දයාන් ලංසා විසින් ඉදිරිපත් කළ අයවැය නීති විරෝධි එකක් බවය.

අයවැය විවාදයට ගැනිමට පෙර එකි අයවැය කලින් පැවැත්වු මහසභාවක  සභා  සම්මුතියක් හිමිවිය යුතුව තිබේ.
එහෙත් පසුගිය මහසභා රැස්විමේදි මේ අයවැය විවාදය ගැන අඩුම තරමින් න්‍යාය පත්‍රයටත් ඇතුලත් තිබුනේ නැත.

එමෙන්ම මෙම අයවැය ගැන කරුණු අවම තරමින් පුවත් දෙකක් පළකළයුතුව තිබුන අතර එය දින 7 කට පෙර  ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශණය කිරිමටද පියවර ගත යුතු යැයි ආදලා නිති වල දැක්වේ . එහෙත් එවැන්නක්ද සිදුව තිබි නැත.

එමෙන්ම අයවැය ලේඛණය මන්ත්‍රිවරුන් සියලු දෙනා වෙත දින 7 කට පෙර යැවිම කළ යුතු ව තිබුණද එයද සිදුව තිබුනේ නැත.
මේ අනුව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් මෙම අයවැය නීති විරෝධි එකක් යැයි දැනටමත් මහසභාව තුල ප්‍රකාශ ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි