අයවැයට විරුද්ධ වෙන අය ශ්‍රේෂ්ඨයි ! හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර කියයි

0
73

ජයවීරමිගමුව මහනගර සභාවේ අයවැය විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබේ.මිට සුලු මොහොතක පෙර අදහස් දක්වා සිටි මිගමුව මහනගර සභාවේ හිටපු නගරාධිති ඇන්ටන් ජයවිර කියා සිටියේ ඊයේ දිනයේත් ඔහුත් සමගින් කථා කරමින් අද මහසභාවට එන බව කියා සිටි  ඇතැම් එජාප මන්ත්‍රිවරුන් අද මගහැර ගොස් සිටින බවය.
ඒබැවින්  අයවැයට විරුද්ධ වෙන අය  ශ්‍රේෂ්ඨයි.
මඟහැරපු අයට මොනව කියන්නද කියල මම දන්නේ නැ යැයි ඔහු කියා තිබුණි.
ඔහුගේ  කාලේදි එජාප මන්ත්‍රිවරුන් අයවැයට සහය දුන් බවද කියා සිටියේය.
කෙසේ වෙතත් ඇන්ටනි ජයවිර මෙම අයවැය නිත්‍යාණුකූල එකක් බවට කරන ලද ප්‍රකාශය  ගැන එජාප මන්ත්‍රිවරුන් එකඟ නොවුන බවද වාර්ථා විය.
මහනගර සභා අඥාපනත ප්‍රකාරව මෙන්ම අනෙකුත් රෙගුලාසි සහ සම්ප්‍රදායන්ද සමගින් ගත් කළ මෙම අයවැය ඒ අවැසි නිත්‍යනුකූල දැ කිසිවක් සපුරා නැති බව මිට  ඉතා පැහැදිලි යැයි මිපුර අදහස් දක්වා සිටි අයෙකු පවසා සිටියේය