අපි අල්ලන මාළු වලට වෙළඳපලක් නෑ . මීගමු ධිවරයෝ කනස්සල්ලෙන්( විඩියෝ )

0
613

 

IMG-20201211-WA0015IMG-20201211-WA0005IMG-20201211-WA0016පිටින් එන මාළු වෙළෙන්ඳන් නිසා පලඟතුරේ , පෝරුතොට වැනි මාළු වෙළෙන්ඳන්ට තමන්ගේ මාළු විකුණා ගැනීමේ ප්‍රශ්ණයක් මතුවී අැති බව පවසයි . මේ අනුව කල්පිටිය වැනි ප්‍රදේශ වලින් එන වෙළෙන්දෝ තොග වශයෙන් අඩු මිලට මාළු අලෙවි කරන බවත්, ඔවුන් එම මාළු පාර දිගේ විකුණන නිසා ඔවුන්ගේ ලෙල්ලමට එම වෙළෙන්දෝ නොපැමිණෙන බවත් පවසති.IMG-20201211-WA0010එසේම දැඩි සුළං තත්වය නිසාද බෝට්ටු මුහුදු නොගිය නිසා අද (11) මාළු මිල වැඩි බවත්, පසුගිය දිනවල මාළු මිල අඩු මට්ටමක තිබුණු බවත් , ධීවරයින් පවසති. මේ අනුව අද මිල ගනන් මෙසේවිය.

*කෙලවල්ලා -රු. 600/
*බලය – රු. 400/
*පරව (ලොකු) – රු. 550/
*පරව( පොඩි) – රු. 450- 500
*හුරුල්ල -රු. 600/
*මීවැටි ( ලොකු) – රු. 750/
*මීවැටි (පොඩි)- රු. 450/
*හාල්මැස්සන් – රු. 150/
මේ පෝරුතොට ලෙල්ලමේ වර්ග කීපයක මාළුවල මිල ගනන්ය. එමෙන්ම මෙහි තැන් තැන්වල විවිධ වර්ගයේ මාළු විවිධ මිල ගනන් වලට විකුණන ආකාරය දැකිය හැකි විය. කෙසේ නමුත් තමන් ඉන්ධන වියදම්, ඇම් වියදම්, කෑම සහ සේවක වියදම් දරාගෙන ගොඩට ගෙනෙන මාළු සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම ප්‍රශ්ණයක් ලෙස පවතින බව මෙම වෙළෙන්දෝ පවසති.

සැම්සන් ඥානසිරි

පෝරුතොට 1පෝරුතොට 2පෝරුතොට 3