අනතුරක් අත ළගයි ?

0
82

.

මෙම ජායාරූප වලින් දිස්වන්නේ මීගමුව, මුන්නක්කරේ ශාන්ත නිකුලා පාරේ  සිරි කුරුස දේවස්ථාන පාරේ ඇති සිරි කුරුස පාලමේ වර්තමාන තත්වයයි. මෙම පාලමේ දෙපස බොහෝ ස්ථාන වල කොන්කී‍්‍රට් වලින් තනා ඇති කොටස් සම්පුර්ණයෙන්ම කැඞී එම ස්ථාන මේ වන විට අනාරක්ෂිත මරු කපොඵ බවට පත් වී තිබේ. දිනපතා දහස් සංඛ්‍යාත වූ මගීන් පිරිසක් එහි මෙහා යන මෙම පාලමෙන් තී‍්‍රවීල් යතුරු පැදි ඇතුඵ රථ වාහන විශාල සංඛ්‍යාවක්ද ගමන් කරති. වීශේෂයෙන්ම සතියේ දිනවල උදයේ සහ දහවලේ පාසල්
දරුවන් විශාල පිරිසක්ද මෙම පාලමෙන් එහා මෙහා යති. මෙවැනි වතාවරණයක් හමුවේ සිරි කුරුස පාලම ගමන් කිරීමට නුසුදුසු අනාරක්ෂිත පාලමක් බවට පත් වී තිබේ. මීට මාස 04 කට පමන පෙර මෙම පාලමේ දෙපස ඇති  ආනාරක්ෂිත ස්ථානයකින් තී‍්‍ර රෝද රියක් ද කලපුවට වැටී අනතුරක් සිදු වී තිබුණි.

මීගමු කලපුවෙන් එහා මෙහා යාමට දැවයෙන් තනා තිබූ පැරණි පාලම වෙනුවට මෙම කොන්කී‍්‍රට් පාලම ඉදි කර ඇත්තේද මීට දශක 04 කට පමන උඩදීය. එතැන් පටන් මෙම පාලම කිසිදු අඵත් වැඩියාවකට හෝ ප‍්‍රතිසංස්කරණයකට ලක් වී නොමැති බවට එම ප‍්‍රදේශවාසීන් පවසයි. එලෙසම ඔවුන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ සමහර දේශපාලඥයින් මැතිවරණ වලට පෙර අවස්ථාවලදී එම පාර කාපට් කිරීමට වෙහෙසුනත් මෙම පාලමේ ආනාරක්ෂිත තත්වය පිලිබදව කිසිදු සොයා බැලීමක් හෝ නොකළ බවයි. කෙසේ වෙතත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පාලම මේ වන විට දැඩි ලෙස ගිලා බැස ඇති බවකි. එහෙයින් මෙම
ප‍්‍රදේශවාසීන් වගකිව යුතු නිලධාරීන්ගෙන් සහ බලධාරීන්ගෙනුත් එලෙසම මැතිවරණ කාලයට පමනක් ගමට එන දේශපාලඥයින්ගෙනුත් ඉල්ලා සිටින්නේ ජීවිත බිලිගන්නා තුරු නොසිට හැකි ඉක්මනින් මෙම පාලම
අවශ්‍ය ලෙස ප‍්‍රතිසංස්කරණය කර නවීකරණය කර දෙන ලෙසයි.