සීදුවේ නගර සභාවේ අයවැය පරාදයි !

0
38

සීදුව නගර සභාවසිදුව නගර සභාව අයවැය විවාදය මිට සුලු මොහොතකට පෙර අවසන්ව තිබුන අතර එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 13  ක් ලැබි තිබුන අතර පක්ෂව ලැබි තිබුනේ ඡන්ද 6 ක් පමණි.
අයවැයට විපක්ෂව ශ්‍රිලනිප ඡන්ද 3 ක්, ජවිපෙ ඡන්ද 01 ක් සහ පොහොට්ටුවෙන් ඡන්ද 9 ක් ලෙසින් අද ප්‍රකාශවි තිබුණි
මෙවර නගර සභා ධුර කාලයේ ආරම්භක අවස්ථාවේදි එජාප ඡන්ද 6 ක සහයද ඇතිව ශිලනිප  මෙන්ම පොහොට්ටුවේ ඇතැමුන්ගේද සහයෙන්  පත්කරගෙන තිබුනේ එජාප නගරාධිපතිවරයෙකු වු අතර නියෝජ්‍ය නගාරාධිපති ධුරය පොහොට්ටුවේ අයෙකු වෙත හිමිව තිබුනි.
මෙවර බලහුවමාරුව .තුල බොහෝ දුරට නගරාධිපතිධුරය පොහොට්ටුවට හිමිවිමට නියමිතව තිබේ.
ඒ අතර ද ගැටුමක් මතුව තිබුන අතර නිමල් ලංසාට හිතවත් අයෙකු වු ගාමිණි හෙට්ට්ආරච්චි වෙත නගරාධිපතිධුරය ලබාදිමට ලංසා පාර්ශවය උත්සාහ කළද බහුතරයක් දෙනා ගාමිණි හෙට්ටිආරච්චිට අකමැති විම තුල ලංසා පාර්ශයේ සැලැස්ම මේ අනුව ඉදිරියේදි පරාජය විමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇත

ඡායා -පියපේම මානික්කආරච්චි