A T M යන්ත්‍ර කැඩූ තාක්ෂණික සොරුන් පොලිස් දැලට අසුවේ….

0
96

IMG-20180616-WA0001(18.48pm) 2018 අප්‍රියෙල් 29වන දින මීගමුව කීල්ස් සුපර් ආයතනයේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ A T M යන්ත්‍රය කඩා රු. ලක්ෂ 47ක් සහ අප්‍රියෙල් 27වන දින ජාඇල H N B බැංකුවේ A T M යන්ත්‍රය කඩා රු. ලක්ෂ 28ක්ද සොරාගත් සොරුන් දෙදෙනෙකු 2018- 06 – 16 වනදින කොටුකර ගැනීමට මීගමුව පොලීසිය සමත්වී ඇත.

මෙහි ප්‍රධාන සැකකරු මීගමුව අගුරුකාරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පමණ තරුණයෙකු වන අතර දෙවන සැකකරු වන ඔහුගේ ගෝලයා එම වයසේම මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.මෙහි මහමොලකරුවන පළමු සැකකරු පරිඝනක සහ ඩිජිටල් තාක්ෂණය පිළිබද හොද අවබෝධයක් ඇති දක්ෂ පුද්ගලයෙකි. ඉතා සූක්ෂ්ම ලෙස මෙම යන්ත්‍රයේ ඇති මුරපදය උපයෝගී කරගනිමින් මෙය සිදුකිරීමට ඔවුන්ට හැකිවී ඇත්තේ එම හැකියාව මේ නිසාය.

නමුත් මීගමුව මූලස්ථාන පොලිස්පරීක්ෂක උදය කුමාර වුඩ්ලර් සහතාගේ අධීක්ෂණය මත අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතා තම පොලිස් සගයින් සමග මේ පිළිබද මෙහෙයුම ආරම්භ කරඇත. CCTV කැමරා දත්ත සහ දුරකතන විශ්ලේෂණ මත මසකට අධික කාලයක් තුළ කරනු ලැබූ ආවේක්ෂන රාජකාරිවල ප්‍රතිඵලයක් හැටියට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනින. සොරාගත් මුදල්වලින් මෙකී තරුණයින් දෙදෙනා කොටසක් වියදම් කරගෙන තිබුනු අතර රු. ලක්ෂ 35 ක් සහ රු.2,30,000/ ක් වටිනා ජපන් යතුරුපැදියක් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පැහැදිලි කළ හේරත් මහතා මොවුන් වෙනත් අපරාධයන්ට සම්බන්ධදැයි සොයාබලන බවත් හේරත් මහතා අප සමග පැවසීය.මෙම මෙහෙයුම සදහා දායකවූ පොලිස් නිලධාරීන් මෙසේ විය.

උප පොලිස් පරීක්ෂක ආනන්ද හේරත්

P C – 2162 –නිශාන්ත

,, – 9333 –සරත්

,, – 42484 –නිරෝෂන

,, – 83074 –නානායක්කාර

,, – 37934 –දිසානායක

,, – 79743 –පුෂ්පකුමාර

,, – 90387 – මදුසංක

,, -53883 –බණ්ඩාර

එසේම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය මත ලබන 26 වනදා තෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස තීරණය වී ඇත.