Asian mirror වෙබ් අඩවිය පච ලියලා….

0
343

අද රජය විසින් වෙබ් කලාව මර්ධනය කිරිමට සදහා ඉදිරිපත් කරමින් ඇති ප්‍රබල තර්කයන් වන්නේ මේ බොහොමයක් වෙබ් අඩවි කිසිදු පදනමක් හෝ මුලාශ්‍රයක් නැතිව පට්ටපල් බොරු ලියන බව කියමිනි.
මේ නිසාම වෙබ් මාධ්‍ය කලාවේ වෘත්තිය භාරව රැකගැනිම සදහා මහත් අරගලයක් කරන්නටසි සිදුව ඇති බව වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පවසයි.
මෙයට පිළියමක් ලෙසින් පුවත් වෙබ් අඩවි වෙනුවෙන් වෘත්ත අචාර ධර්ම පද්ධතියක්ද මේ දිනවල සකසමින් ඇති බව එහි ප්‍රකාශකයෙකු මීපුරට පවසා සිටියේය.
එමෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක බහුතරයක් වෙබ් අඩවි වල ඇත්තේ වෙනත් තැන් වලින් කොපිකර ඇලවිමේ න්‍යායයි.
මේ නිසා කිසිදු මුලාශ්‍රයක් උනන්දුවක් නොදක්වා  ජනප්‍රියත්වය ගැන පමණක් සිතා ඔහේ පුවත්  පළකරති.
මේ පසුබිම යටතේ අප මතු කරන්නට යන්නේ පුවත් වෙබ් අඩවියක් ලෙසින් කටයුතු කරන ඒෂියන් මිරර් වෙබ් අඩවිය විසින් පළකර තිබු පදනම් විරහිත පුවතක් පිළිබදවය.
පසුගිය අගොස්තු 04 වනදා මරදාන සාමාජ හා සාමයික කේන්ද්‍රයේදි පැවැති අතුරුදහන්වු පවුල් වලට සවන් දිම සදහා පැවැති රැස්විම ඒෂියන් මිරර් වාර්තා කර තිබුනේ යුධ අපරාධ සදහා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්කි දිම සදහා සුදානම් කර තිබු එකක් ලෙසය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිලිතුරු දුන් අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුවේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඒෂියන් මිරර් වෙබ් අඩවිය විසින් පළකර ඇති පුවත පට්ටපල් බොරුවක් පමණක් නොව ඉතා සාහාසික ප්‍රකාශයක් බවය

භික්ෂූන් කඩාපැන ‘යුධ අපරාධ සාක්ෂිදීම’ වළක්වයි

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන අපරාධ සම්බන්ධයෙන් යුධ අපරාධ විමර්ශණ කමිටුවට ‘ස්කයිප්’ තාක්‍ෂණය ඔස්සේ සාක්ෂි  දීමට ඊයේ මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවති හමුව භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කර දැමූහ.asin mi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here