ASP එරික් මිගමුවට ඇවිත් !දැන් තමයි හොඳටම වැඩ පෙන්නන්න පුලුවන් …

0
286

පොලිසිය ගැන කටක් ඇරියොත් රටක්ම බණින කාලෙක පොලිසියේ ලොකු මහත්තයෙක් ගැන හොදක් ෆේස් බුක් පිටුවල ලියවෙනව දැක්කා.
මරු .
ඇත්තටම හැමෝටම සතුටු ඇති.
අරුන්දිකලා සනත් නිශාන්තල වගේ කුප්‍රකට දේශපාලකයෝ ඇරෙන්න ASP එරික්ට ගැන හුග දෙනෙක් හොද කියල තිබුන .
ඒ වගේම ASP එරික් ඉගෙන ගත්තු ඉස්කෝලේ ඒ කියන්නේ වෙන්නප්පුවේ ජෝශප්වාස් එකේ රට හැම තැනම ඉන්න අය වගේම පිටරටවල ඉන්න අයත් මේ ෆේස් බුක් කැම්පෙන් එකේ බැහැලම වැඩකළා.
තවත් අය බොහොම උනන්දුවෙන් ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදාගත්තා.
කොහොම හරි ASP එරික් අරුන්දිකට ඇලජික් වුන හේතුව ඒයා පොලිස් ඇමතිට ලියපු ලියුමේ තියෙනවා .
හොර අරක්කු පෙරෙන අයව ASP එරික් අල්ලන්න කටයුතු කරපු එක තමයි අරුන්දිකලට මළ පනින්න හේතුවක් වෙලා තියෙන්නෙ.
ජනාධිපතිතුමාගේ නීති ගරුක රාජ්‍යයේ කථාව කෙසේ වෙතත් අරුන්දික අමුවටම ලියල තියෙනවා එයාල ඉන්නේ නීති විරෝධි වැඩ රකින්න කියල.
කොහොම හරි දැන් තමයි ASP එරික්ට වැඩ පෙන්නන්න පුලුවන් මරුම තැන හම්බවෙලා තියෙන්නේ .
දුෂණ වංචා මත්ජාවාරම් , ගංජා මසාජ් ක්ල්නික් මේකි නොකි හැමදේම තියෙන ලංකාවේ කප් ගහපු කල්ලු සල්ලි නගරයට තමයි දැන් එයා සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ .
හැබැයි මිගමුවේ පොලිසිවලත් ඉන්නේ එසේ මෙසේ පුතයෝ නෙමෙයි. දේශපාලන පවුලක කල වයස හරි ගිය දරුවෙක් එයාගේ ආදරවන්නතයත් එක්ක ගිහින් නිතියට අනුව විවාහ වුනත් ඒ නිත්‍යාණුකුල දේවල් ඔක්කොම පැත්තකට දාලා කොයිලොකෙන් හරි හොයන් ඇවිත් දෙන්නව වෙන්කරල මිගමුවේ දේශපාලන රජපවුලට දුකුමරිය භාර දුන්න වගෙ විර වැඩ ගොඩක් කරල තියෙනවා .
ඉතින් එහෙම තැනකට තමයි ASP එරික් එන්නේ .
ඉතින් මේ සකලාකාර වංචා දුෂණ කුඩු බඩු පොට් මසාජ් ගංජා විතරක් නෙමෙයි තවත් නහුතයක් දේවල් එළිපිට කරගෙන යන තැනකට ඇවිත් සිය පොලිස් රාජකාරිය කරන විදිය අනුව තමයි ASP එරික් කියන්නේ කව්ද කියන එක මිගමුවෙ අයටත් හරියටම දැනගන්න පුලුවන් වෙන්නේ .
ඒ හින්ද තමයි අපි කිව්වේ වැඩ පෙන්නනන්න පුලුවන් හොදම තැනට තමයි එයා දැන් ඇවිත් තියෙන්නේ කියල …
අපි බලන් ඉන්නවා .
ඒ වගේම කැමැතෙන් ඉන්නව මිගමුව පොලිසියේ මහත්තුරු ගැන සතුටු දායක පුවත් ලියන්න.