ATM යන්ත්‍ර කඩා ලක්ෂ 78 ක් ගත් මහමොළකරු දැලේ !

0
72

IMG-20180616-WA0001(8.45 pm ) 2018 අප්‍රෙල් 29 වන දින මීගමුවේ කිල්ස් සුපර් ආයතනයේ නේෂන් ට්‍රස්ට් යන්ත්‍රයෙන් රු ලක්ෂ 46 ක්ද අප්‍රෙල් 27 වනදා ජාඇල ATM යන්ත්‍රයෙන්  රු ලක්ෂ 32 ක්ද  සොරකම් කළ මහමොළකරු සහ ඔහුගේ ගෝලයා අත්අඩංගුවට ගැනිමට මිගමුව පොලිසිය සමත් වි ඇත.
මේ මහමොළකරු මීගමුව අගුරුකාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 වියැති අයෙකි.
මෙම සොරකම සිදුවිමෙන් පසු මීගමුව පොලිසිය විසින් මාස එකාමාරක් තිස්සේ මේ අය පිළිබදව කෙරුණ නිරන්තර විමර්ශනයක ප්‍රථිපලයක් ලෙසින් මේ අයව අත්අඩංගුවට ගැනිමට හැකිව තිබුණි.
මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක උදය කුමාර වුඩ්ලර් මහතා කියා සිටියේ මෙම සැකකරුවන් හෙට දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවය.IMG-20180616-WA0001