Avenra Garden කළමණාකාරිත්වය ”ගල උඩ කැත කළ බළලා” ගේ තත්වයට පත්වෙයි !

0
1128

සුපිරි සාද , සිනමා ටෙලි තරු  පිරිවරාගත් නත්තල් සාද පැවැත්වු Avenra Garden  කුස්සියේ හැටි ගැන රටමම හෙළිවිමත් සමගින් මේ අවමානය  අකමකා දැමිම සදහා හෝටල් කළමණකරත්වය මෙහෙයුමක් අරභා තිබේ.

ඉන් එකක් වන්නේ කොන්ද කෙලින් තබාගෙන සිය රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කර තිබුණ මේ රාජ්‍ය නිළධාරින්ට බිය ගැන්විමටය.

මිට පෙර පවා වාර්තා වි තිබුන තත්වයන්ට අනුව මෙම මුලු තැන් ගෙයට අදාල හෝටල් කළමණාකාරිත්වය කටයුතු කර තිබුන අකාරය මුලුමනින්ම සොෟඛ්‍ය නිති රිතිවලට පටහැනි බව යලිත් වරක් තහවුරු වි තිබේ.

මේ කුස්සියේ අපජලය මුදාහැරිමේ සිට ගබඩා කිරිම මෙන්ම කල්ඉකුත්වු දෑ තවදුරටත් භාවිතය සදහා තබා ගැනිම බරපතල ගැටලු රැසක් මතුකර තිබේ.

තරුපිරිවරා සංදර්ශන පැවැත්වුවද සුපිරි හෝටලයක මුළුතැන් ගෙය සයිවර් කඩයක තත්වය මෙන්  නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?

IMG 20231223 WA0126IMG 20231223 WA0139

දැන් මේ අය හදන්නේ සිය ධන බලය මෙන්ම දේශපාලන බලයද  යොදාගනිමින් රාජකාරිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නිළධාරින් තලා පෙලිමටය.wp 1703482493840

හිරු සෙනෙහසේ නත්තල කටේ  තබාගෙන ඇවෙන්රා කුස්සියේ අවුල රටේ ලෝකයා දැන ගැනිමට නිසා කළමණාකාරිත්වය මේ වන විට ගල උඩ කැත කළ බළලාගේ තත්වයට වැටි ඇති  බව පැහැදිලි වෙමින් තිබේ

මුළු රටටම බලපාන සෞඛ්‍ය නිති රිති කැඩිමට කොරෝනා සමයේදි පවා කප්ගසා ඇති ඇවෙන්රා හෝටලයට එදා ඒවා කරගන්නට හැකිව තිබුනේ සිය දේශපාලන හාම්පුතාගේ පුර්ණ ආශිර්වාදය සහ කටාන හිටපු ප්‍රතිපත්තිගරුක නැති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් නිසා බව මිපුර වෙබ් අඩවිය මිට පෙරද පෙන්වා  දි තිබුණි

මේ ධනකුවේරයන්ගේ මුදල් බලයට හෝ දේශපාලන මැර  බලයට පුරවැසියන් අවනත නැති බව මෙහි හිමිකාරිත්වය මිට වසරකට  පමණ ඉහතදි ඉතා මැනවින් උගත් පාඩම් දැන් අමතකව ඇතිවා සේය.

අපිරිසිදු කුස්සි කථාව අස්සෙන් දැන් තවත් ප්‍රබල දේශපාලන ගැටුමක්ද  කළ එළි බැස ඇතැයි වාර්තාවේ.

ඒ මිගමුවේ ප්‍රබල දේශපාලන පවුලක් සහ පොහොට්ටුවේ ප්‍රබල දේශපාලන පවුලක් අතර මැදට දැන් ඇවෙන්රා කුස්සි කථාවද පැටලි ඇත.

හොද හොද සෙල්ලම් කළ එළි බැසිමට ඇත්තේ  ඉදිරියේදිය

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here