Avenra පොකුරකුත් නිර්මාණය වෙලාද?

0
297

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කො⁣ට්ටාශයට තුල පිහිටි Avenra හෝටලයේ දින 3 ක් පැවැති ආහාර සැණකෙළියට දිනකට 2000ට වැඩි පිරිසක් සහභාගිව සිටි බව වාර්තා විය.

අලුත් අවුරුද්දට පෙර දින 3 ක් පුරාවට මෙය පැවැත්විණි.
මෙහි පැමිණි සිටි අතිබහුතරයක් දෙනා කිසිදු සෞඛ්‍ය නිතිරිතියක් පිළිපැද්ද බවක් දැනටමත් ප්‍රසිද්ධයට පත්ව ඇති ඡායාරුප තුල නම් දකින්නට නැත.

සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි ලක්ෂ්මන්



අරුමය වන්නේ කොට්ඨාසය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලක්ෂමන් විජේසුරිය කිනම් පදනමක් මත මේ අවසරය දි තිබුනේද යන්නයි.

කෙසේ වෙතත් මේ නොසැලකිලිමත්කම් වල ප්‍රතිඵල දැන් තැන තැන වාර්තා වෙමින් තිබේ.
විවිධ ප්‍රදේශවලදි ආසාදිතයන් බවට පත්ව ඇති අය පවා දැන් කල්පනා කරන්නේ තමන්ට වෛරසය ඇතුලුවන්නට ඇත්තේ සැණකෙලියෙන්දැයි කියාය.

පසුගියදා අවාසනාවන්ත ලෙසින් මරණයට පත්වු මිගමුවේ ප්‍රසිද්ධ රුපලාවන්‍ය ශිල්පියෙකුද මේ ආහාර සැණකෙලියට එක්ව සිටි අයෙකු බව සැලය.
විවිධ අය විවිධාකාරයෙන් වසංගන්නට සැලැසුම් කළද Avenra සැණකෙලියේ බලපෑම දැනටමත් හෙළිදරව් වෙමින් ඇති බව පෙනේ



කොරෝනා පිළිබදව ප්‍රධානතම වගකිම දරණ ඇමතිවරියගේ ආසනය තුලම මෙවැනි වගකිම් විරහිත සැණකෙලියක් පැවැත්විමට අදාල සෞඛ්‍ය බලධාරින් විසින් කටයුතු කර තිබිම සැබැවින්ම දෛවයේ සරදමක් වැන්න..