Avenra සැණකෙලිකාරයන්ව කුදලගෙන යන්න බැරිවුන පොලිසියේ මාධ්‍ය සංදර්ශන ??????

0
109

පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැමදාම උදේ දවල් රැ නිරෝධායන නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කිව්වත් එයාලගේ පොලිසියේ මිගමු කොට්ටාශයේ ලොකු මහත්තුරු කටානේ සුපිරි තරු හෝටලයක තිබුණ දින 3 ක ආහාර සැණකෙලිය අමු අමුවේ නිරෝධායන නීති කඩද්දි පැත්ත පළාතක ආවේ නැ .

මාස් නැති උන් , මිටරේ නැතිවුන් ඇතිවෙන්න පිස්සු කෙලිද්දි සිවිල් පිට පොලිස් කාරයොත් ඇවිල්ල හිටියද මන්ද ආතල් ගන්න.
කොහොම හරි දැන් ප්‍රථිපල ලැබෙනවා.

අස්සයා ගියාම ඉස්තාලේ වැහැව්ව වගේ දැන් පොලිසිය මාස් නැති උන්ව විතරක් නෙමේ බර බඩු බෑග් එක උස්සන යන අසරණ අම්මෙක්ගේ නහයට වැටිල තියෙන මාස්ක් එක හින්දත් අල්ලන් යනවා

හැබැයි එදා Avenra එකේ ජිප්සිස් සුනිල් එක්ක හුරතල් වෙච්ච මාස්ක් නැති මිටර් නැති උන් ගැන පොලිස් ලොක්කෝ නෙමේ මීක් කිව්වේ.එක රටක් ! නීති ගොඩක් ..!
කෝ මේ අජිත් රෝහණ….????