Beach Park එකට ආ තල්මසා

0
172

අඩි 40 ක් පමණ දිගැති ,බ්ලුවේල් වර්ගයට අයත් තල්මසකු 2011 මැයි 12 වනදා රාත්‍රියේ මීගමුවේ බ්ච් පාක් එක අසල මුහුදට  ගොඩ ගසා තිබුණි.

එතැන් පටන් මේ ආරංචිය ලද දහස් ගණන් ජනයා මේ තල්මසා බැලිමට පැමිණිම හේතුකොටගෙන විශාල වාහන තදබදයක් පෝරුතොට  මාර්ගයේ ඇතිව තිබුණි.

මෙහිදි සිදුවු කාගේත් මහත් පිළිකුලට පත්වු සිදුවිමක් විය.එනම් මේ තල්මසා නැරඹීමට වෙරළට යා යුතු එකම මග වැටි තිබුනේ බිච් පාක් එකහරහාය.

තල්මසා නැරඹිමට එන සියළු වාහන සහ යතුරුපැදි වලින් බිච්පාක් රථගාලේ සේවකයන් කිසිදු හිරිකිතයකින් තොරව මුදල් අයකර ගත්තේය.

වෙරළ උද්‍යානය විවෘතව තැබෙන වේලාව ලෙසින් ටෙන්ඩර් කොන්දේසි පත්‍රෙයහි සදහන් වන්නේ පෙ.ව9.00 සිට රාත්‍රි 11.00 දක්වාය.එහෙත් මේ රථ ගාලේ සේවකයන් තල්මසා බැලිමට අලුයම 1.30 ට පැමිණි අයගෙන්ද මුදල් අයකරගෙන තිබුණි.

මෙහි ටෙන්ඩර් අයිතිකරු වන්නේ  ප්‍රසිද්ධි‍ දේශපාලකයෙකුගේ පියෙකි.1