ඇමරිකාවේ west virginia නගරයෙන් තම අධ්‍යාපන කටයුතු ආරම්භ කල ඔහු ඒ ක්ෂේත්රයේ අතිදක්ෂයෙකු විය. ” Game Theory” නමු වූ ගණිතමය තීරණගැනීමට ඉවහල් වන න්‍යායේ නව සොයාගැනීම් රැසක් සිදුකරමින් නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ ඔහු 1957 දී Alicia Larde නම් වූ කාන්තාව සමග විවාහ විය.
ඇය තම ජීවිත කාලය පුරාවටම තම සැමියාට හැකි උපරිමයෙන් උදව් කල නමුත් 1962 දී තම සැමියාගේ මානසික රෝගී තත්වය උග්රවීම නිසා ඔහුගෙන් දික්කසාද වීමට තීරණය කලාය.
එහෙත් 2001 වසරේදී නැවතත් ඔවුන් දෙදෙනා විවාහ වූයේ තම සැමියාගේ රෝගී තත්වය හොදඅතට හැරෙන ලකුණු පහලවූ නිසාය.
ගණිතය විශයෙහි අතිදක්ෂයෙකු ලෙස මෙන්ම ලෝ ප්‍රකට පුද්ගලයෙකු ලෙස සැම දෙනාගේ ගෟරවාදරයට පත්වූ ඔහු පසුගිය දිනක තම බිරිදද සමගම අවසන් ගමන් ගිය පුවතක් මාධය මගින් වාර්ථාකර තිබුණි. ඒ පසුගිය දා දෙදෙනාම ගමන් කල මෝටර් රථය අනතුරකට ලක්වීමෙනි. එරට පොලීසිය සදහන් කර ඇත්තේ අනතුර සිදුවන අවස්ථාව වනවිට ඔවුන් ආසන පටි පැලද නොසිට ඇති බවයි.
සටහන -මිතිලායා ගමගේ
(බිබිසි වෙබ්අඩවිය ඇසුරිනි )