Big Bad Wolf පොත් අලෙවිය නැවතත් ශ්‍රී ලංකාවට

0
96

220px Big Bad Wolf Books Logoලොව විශාලතම පොත් අලෙවිය  වන Big Bad Wolf සිය පොත් අලෙවිය  යළිත් 2018 ජුනි  මාසයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මීට පෙර අවස්ථාවේදී සේම මෙම අවස්ථාවේදීද   පොත් අලෙවිය පැය 24 පුරා විවෘතව තැබීමට නියමිත අතර තමන්ට පහසුවේලාවක ගොස් පොත් මිලදී ගැනීමට එමගින් අවස්ථාව සැලසෙයි.

විශාල පරාසයකට අයත් පොත් එකතුවකින් සමන්විත මෙම පොත් දැක්ම සුවිශේෂි වූ වට්ටම් යටතේ ක්‍රියාත්මක වේ.  60% සහ 80% ආදී වශයෙන් වන සුවිශේෂී වට්ටම් යටතේ ලොව ප්‍රමුඛතම පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රකාශන ඇතුළුව  උසස් තත්වයේ ඉංග්‍රීසි මාධ්‍ය පොත් මිලියන 1.5 ක් පමණ මෙම පොත් දැක්ම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි. 

මෙම පොත් අලෙවිය පැවැත්වීමේ අරමුණ වන්නේ ශ්‍රීලාංකිකයින් අතර උසස් මට්ටමේ ඉංග්‍රීසි පොත පත පරිශීලනය කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකික පාඨක ප්‍රමාණය ඉහළ නැංවීමයි. එලෙසම එම පොත් සාමාන්‍ය පාඨකයාට මිලදී ගත හැකි මිලකට අලෙවි කිරීමත් මෙමජාත්‍යන්තර පොත් අලෙවියේ තවත් අරමුණකි.

image 1507217166 fca983f771

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here